Monday 3 December 2018

december memory

ඔයා හොඳින් ද බබා? මට ඉතින් ඔයාව අනේක වාරයක් මතක් වෙනවා.
මම මෘගයෙක් විතරක්මනම් මෙහෙම දුක දැනෙන එකක් නැහැ.
අපි පහුගිය වීක් එන්ඩ් එක මොනවා කරයිද? හිනවෙයිද? අඬයිද? හිනා වේවි අඬයි ද?
කොච්චරනම් අමාරුවෙන්ද මම ඉස්සර සෙනසුරාදා හවසට හිත හදාගෙන ආපහු ගියේ.
ඒ හැම වාරයක්ම ඒ මම දුරක ගිය මාර්තුව වගේම අමාරුයි වෙන්වී යන්න.
ඔයා බනිවි මේවා විකාර කියාවි. නැතිනම් බොරු කියාවි. මම තරහ නැහැ බබා.
දන්නවා ඔයාගේ වේදනාව. ඒවගේම දන්නවා ඔයාගේ හිතත්. මට ඔයාව අමතක කරන්න බැහැ.
අමතක වෙන්නෙත් නැහැ. මේ වෙලාවේ ඔයා ඔෆිස් එකේ ලන්ච් එක අරගෙන ඇතුලට ගිහින් වෙලකුත්-
ගිහින්. මට ඉතින් මතක් වෙනවා අපි හමුවෙන කාලසටහන. ඔයා හොඳින් නම් එච්චරයි බබා.
අමතක වෙලා ඇති මම. එත් තරහක් නැහැ. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment