Friday 14 December 2018

december 14.

මට ලියන්න බැරි උනේ අමතක වෙලා නෙවේ. මම ඔයා මාව-
උනන්දු කරපු දෙයක් වෙනුවෙන් මහන්සියක් වෙමින්. මට ඔයාව කොහොමනම් අමතක වෙන්නද?
ජිවිතේ අපේ ලස්සනම හෝරාවල් කොහොම හිතෙන මැකෙන්නද බබා?
මාව දැන් අමතකයි නේද ඔයාට? මතක් කරන්නේ, මතක් වෙන්නෙත් නැහැ නේද?
මතක් උනේ නැතත් කලේ නැතත් මම තරහ නැහැ බබා ඔයා එක්ක.
මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නේ? වැරදි ඔක්කොම මගේ අතේ.
ඉතින් මම මේ මෘග ආත්මෙන් කවදාහරි මිදිලා ඔයා ලඟට දුවන්නම්.
කොච්චරනම් ලස්සනද අපි එකට හිටපු ඒ කාලේ? මටනම් ඒ නිමේශයක් ඇතුලේ-
ජිවිත කාලයක් සතුටින් හිටය වගේ. මගේ හිතේ හැමදාම ඔයා වෙනුවෙන් ඉඩ තියාගන්නම්-
බබා. ඕනෑතරම් බනින්න. ඔව් මම මෘගයෙක්. මමත් කෙනෙක්ට පණවගේ ආදරේ කරපු මෘගයෙක්.
ඔයාගේ මුහුණේ හිනාවක්දකින්න මමත් අනන්තවත් අසා කරපු කෙනෙක්. මම ඔයාට ආදරේ කලා-
කරනවා සන්සාරෙටම.මගේ ආදරේ දැනුනේම නැතිද බබා?
ඔය මුවගට සිනහ එකතු කරන්න මමත් ආසයි බබා. මම එත් අල්ලන අල්ලන දෙයක්ම -
වේදනාවට පත්වෙන මෘගයෙක්. මම හැමදාම ඔයාව හිතේ තියාගෙන ඉන්නවා බබා.
හොදින් ඉන්න රත්තරන්. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment