Monday 27 August 2018

4.58am

සඳුදා දවස ඔයා අද වැඩට යන්න ඇති කියල හිතනවා. අදත් උදේ 4.58 නැගිට්ට.
මතක් උනා හැමදාම උදේට ආපු ගුඩ් මොර්නින්ග් විශ් එක. මට හැමදේම මතකයි.
හැම මතකෙම ගොඩක් වටිනවා වගේම අදරනියයි. මාව මතක නැතත් මට ඒවා හැමදාම මතක-
තියෙනවා. තියේවි. ආදරෙත් හැමදාම තියේවි. මොනවා උනත් කලත් බබා මම ඔයාට වෛරයක් නැහැ-
තරහකුත් නැහැ. කරනදෙයක් කරන්න ඇත්තේ වේදනාව නිවාගන්න කියල හිතනවා. එත් ඒවගේම  නිවෙන්නේ නැහැ.
ඒගැන ගොඩක් හිතන්න දෙයක් නැහැ. ඒක මම දරාගන්න ඕන දෙයක්. මට හැබැයි ඔයා විඳපු විඳින දුක් ගැනත් දුකයි.
මම හැම වෙලාවකම බබා ඔයාගේ දුක දැනිල දුක් වෙනවා. සමහර අපේ කතාබස් වලට පස්සේ මම අයේ කෝල් කලේ.
මට ආදරේ කරන කෙනා එහෙම දුකෙන් ඉන්නවා බලන් ඉන්න බැරි උනා. ඒවා මතක්වෙනවා. මතක් වෙද්දී වේදනාවයි.
මට එහෙම හිතුනේ ආදරේ නැති හින්දද? ඔයා බනිවි මම ආදරේ කලේ නැහැ කියල. කරන්නේ නැහැ කියල.
බනින්න. තරහ නැහැ. අයෙත් ලියන්නම් බබා. හොඳින් ඉන්න.

No comments:

Post a Comment