Thursday 16 August 2018

memory lane

අද ආයෙත් මම කාලෙකින් අපේ මතක මාවතක ඇවිද්ද.
මතක නැතිව ඇති ඔයාට. මම ඔයාව බලල යන ගමන් යන දිගන හුන්නස්ගිරිය 18 වංගුව හසලක පාර.
මම වාහනේ විශේෂෙන්ම හුන්නස්ගිරියේ තේ බොනගමන් ඔයාට කෝල් කරපු කඩේට ගියා.
මතක අපේ ගොඩක් ඒ මාවතේ. මතකද ඔයාව බලන්න ඇවිත් යනගමන් අපේ කතා.
සිනහව, කඳුළු රණ්ඩු හැමදෙයක්ම මතක් කර කර අද ඒ පාරේ මම ගියා. ඒ කඩේ ළඟ නැවතිලා එදා වගේම තේ එකක් බිලා ගියා.
ගොඩක් මහන්සි වෙලා හිටියත් මම අමතක කලේ නැහැ. කරන්නෙත් නැහැ.
ඔන්න ඒ කඩේ ෆොටෝ එකකුත් ඇති. ඔයාට අමතකව ගියත් මම තවම ඒ මතක අතරේ.
ආයෙත් ලියන්නම් ගොඩක් මහන්සියෙන් ඉන්න ගමන් ලිව්වේ. හොඳින් ඉන්න බබා.




No comments:

Post a Comment