Thursday 9 August 2018

දුකින් උනත් තරහක් නැහැ බබා.

මෙතරම් වැරදි මම මෙතරම් ආදරය කෙරු, හා කරන නිසාද?
ආදරය කියන දේ මම කලේම නැතිද සුදු ඔයාට? ඔබ සිතන් හිටියේ මම කවදාවත්-
ඔබ ගැන නොහිතන නොහිතු නපුරු මිනිසා කියාමයි නේද? බබාඔයාගෙන් වෙන්වීමේ දුකෙන්-
මම විදින, වින්ද වේදනා දන්නේ මම පමණමයි. මම දන්නවා ඔයත් ගොඩක් දුකක් වින්ද බව. විඳින බව.
අනන්ත වාර ගණනක් මම පැතුවා ඔයාගේ හඬ ආයෙත් වරක් අහන්න. ඇත්තමයි මට ගොඩක් හිතුන ඔයාට කෝල්-
එකක් හරි දෙන්න. මම එහෙම කලේ නැත්තේ මම අමතක කල නිසා නෙවේ. යම් දිනක යම් වෙලාවක මට ඔයාට මම මේ ලියපු ඒවා පෙන්වන්න බැරි උනොත් මම දන්නවා මම අයෙත් සැරයක් ආදරේ අමතක කලා කියල ලේබලයක් ගහගත්ත මනුස්සයෙක් වෙනවා. එත් මම එහෙම අයේ කතා කලේ නැත්තේ මම ආදරේ නිසාමයි. මට අයෙත් ඔයාගේ ඇස් වලට කඳුලු දෙන්න බැහැ බබා. මම එහෙම නරකම කෙනෙක් නෙවේ. මම කීපවාරයක් ඔයාගේ ඔෆිස් එක ලඟට ඇවිත් බලන් ඉඳල ගියා. මට අයේ රිද්දවන්න බැහැ බබා. ඔයා අඬන වෙලාවේ මම කවදාවත් හිනැහිලා තියෙනවද? නැහැ බබා/ ඔයා අඬපු හැම දවසෙම මටත් ඇඩුන. මතක් කරලා බලන්න. වෙලාවට මම අයේ ඒ අපි දවස් වල කාරෙකේ යනගමන් තනියෙන් මග නැවතිලා ඇඬුවා. මමත් පිරිමි මිනිහෙක් මට කියන්න බැහැ මම හැමවෙලාවෙම අඬනවා, අඬනවා කියල. මම එත් ඕනෑතරම් අඬන්න ඇති. මට තවම මතකයි ඔයා අසනීපෙන් ඉන්න වෙලාවේ ඉස්පිරිතාලේ මම දුර ජනෙලෙකින් ගොඩක් වෙලාවක් ඔයා දිහා බලාගෙන හිටිය. ඔයා දැනගෙන හිටියේ නැහැ ඔයා දිහා මම බලනවා කියල. එකසැරයක් ඔයා දැක්ක. මම යනවා කියල අත වනල මම ආයෙත් ඔයා දිහා බලන් හිටිය. ඔයා ඇඳ උඩට නැගල ෆෝන් එක තියාගෙන හිටිය. මම ගොඩක් අමාරුවෙන් බබා හැමදේම විඳින්නේ. පස්සේ මම විනාඩි 15 විතර ඉඳල ගිහින් කාර් එකේ ඉඳගත්ත. මම දන්නේ නැහැ මගේ කමිසේ තෙත් වෙනකන් කඳුළු වැටුනා. ඔයා කෝල් කලා. මම කිව්වා මම යන ගමන් ඉන්නේ කියල. මටත් ආදරේ දැනෙනවා දැනුන බබා. මම තවමත් ගොඩක් එහෙමමයි. මම නපුරු වෙන්න ඇති. එත් මම ආදරේ නැද්ද බබා?
විකාර ලියනවා වගේ කියල ඔයා හිතාවි. මම දන්නවා ඔයා කවදාහරි මේවා බලලත් බනින්න ඉඩ තියෙනවා. එත් මම මට දැනුන දේ ලිව්වා බබා. මම ගොඩක් දුකෙන් ඉන්නේ මේදවස් වල. මම දන්නවා, මට ගොඩක් දැනෙනවා ඔයාගේ ඇස් වල මම නැහැ කියල. ඔයාගේ හදවතෙනුත් මම විසි උනා කියල මට දැනෙනවා. හොඳින් ඉන්න බබා. හැමදාම මම ඔයා ඔයාගේ මව වෙනුවෙන් ගොඩක් තෙරුවන් සරණ පතනවා. මගේ හිතේ තරහක් නැහැ බබා. මම ඔයාට  ආදරේ කලා. කරනවා. කරාවි හැමදාම. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment