Tuesday 14 August 2018

සතුට සහ කඳුල

හැමදාකම හැම වෙලාවකම මම ඔයාව මතක් කරනවා බබා.
ඒවගේමයි මම දන්නවා ඔයාගේ හිතේ දැන් මාව මකලම දමපු කටුගෑවුණු චිත්‍රයක්.
නොදන්නවා නෙවේ වරද මගේ අතේම කියල. එත් ආදරේ කෙරුව,කරන මගේ හිතේ වේදනාව තියෙනවා.
ඔයාගේ වගේම මගේ හිතෙත් වේදනාව ගොඩයි. මම දන්නවා ඒවගේම දැනෙනවා ඔයාගේ වේදනාව.
සමහවිට මාව දැන් දැනෙන්නේ නැතුව ඇති ඔයාට. අමතක වෙලා යනකොට එහෙම තමා. එත් මට ඔයාව දැනෙනවා.
හැමදාම ඒ දැනීම තියේවි. අපි වේදනාවෙන් උනත් හමු උනේ හේතුවක් ඇතුව වෙන්න ඕන බබා. දුක් වෙන්න එපා.
මොන දුකක් මට ආවත් දුන්නත් කමක් නැහැ. ඔයා දුකෙන් තියල මම සතුටු උයනක ඇවිදින්න පිය මැන්නා නොවේ.
ඔයා කඳුළු හලද්දී මම හිනා උනානම් මට කියන්න. අම්මගෙන් පස්සේ කඳුළු දැකල අඬපු, දුක් උන තවත් අය හිටියනම් මමත් ඒ කෙනෙක්.
කවදාත් ඔයාගේ දුකේදී ඒක මගෙත් දුකක් උනා මිසක් මට සතුටක් තිබිල නැහැ. තියෙන්නෙත් නැහැ.
ඔයා අඬන වෙලාවේ මමත් අඬල ඇති අනන්තවත්. අපිට සතුටත් ලැබේවි බබා.
හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment