Friday 24 August 2018

සෙනසුරාදා අපි හමුවෙන දිනයක් මතකද?

අමතක වෙලාම යන අතීතෙක ඉන්න එක ලේසි නැහැ බබා. එත් දුකෙන් උනත් මම ඉන්නවා මෙහෙට වෙලා.
හිතනවා ඔයා හොඳින් කියල. ඔයාව මට නිතර මතක් වෙනවා මතක තියාගන්න.  සෙනසුරාදා පෝය දවසක්. අද බොහෝවිටක අපි හමුවෙන දවසක්.
අපි කොච්චරනම් අද කතාකරයිද, හිනාවෙයිද හමු උනානම්. මගේ හිතේ මගේ ඔලුවේ ඔයාව හැමතැනකම. අද අපි හමු උනානම් මම බොහෝවිට ඊයේ බොහොවිටක ඇවිත් කොළඹ. බොහෝවිට හවස 4.30 වෙනකොට ඔයා ඉන්න පැත්තටත් ඇවිත්. මට තවම මතකයි ඔයාව ගෙදර ඇරලවා ආපහු මම ගෙදරගිය හැටි. අද ඔයා පන්සල් යාවි. මම ආයෙත් අපි ෆිල්ම් එකක් බලපු තැනකටවත් ගියේ නැහැ. මම අයේ යන්නේ නැහැ. ඒ මම එහෙම ගියේ ජිවිතේ අවසානම වතාවට ඔයා එක්ක. ඒ මතකයම මට ඇති. මම අයෙත් ඒ අපි ඇවිද්ද පියවර උඩ ආයෙත් ඇවිදින්නේ නැහැ. ඒවා ඔයාගේ හා මගේ මතකයන්ම පමණක් වගේම ඒවා ඒ තරම්ම වැදගත් පුජනිය ඒවා මට. අද උදෙන්ම නැගිටිද්දී ඔයාව මතක් උනා. සාමාන්යෙන් සෙනසුරාදා නම් හෝ නිවාඩු දවසක ඔයා බොහෝවිට අටත් නමයත් අතර මට කතා කරලා. මම ඔයාව අදත් ගොඩක් මතක් කරනවා. ඔයාගේ පාළුව මට දැනුන. හොඳින් ඉන්න බබා. මම ඔයා අමතක කරන ඇතිතේ හැමදාම ඔයාව මතක් කර කර ඉන්නවා.

No comments:

Post a Comment