Monday 13 August 2018

ගොඩක් දුක් ඉවසාගෙන ලියමි.

ඔයා හොඳින් කියල හිතනවා බබා. හොඳින් ඉන්න බලන්න.
මම හැමවෙලාවෙම ඔයාව මතක් කරනවා මම අමතක වෙලාගිය දෙයක්/කෙනෙක් උනත්.
මතකය මගේ ගැන තියෙන්නේද හෝ තියන්නේද නැතිනම් ඇතිකරන්නේ වේදනාවක් විතරක් කියල-
නොදැනීමකින් කතා කරනවා නෙවේ. මම ආදරේ කලා. මම ඒක දන්නවා.
ආදරයක් මගෙන් දැනුනේ නැද්ද කවදාවත්ම ඔයාට? මම ඇවිත් ගියාම නෙවේ බබා.
දුරකින් උනත් මම ඉඳීවි හැමදාම ඔයාගේ පැත්තේ. මාව අමතක උනාට කමක් නැහැ. මොකද මට අමතක නැති නිසා. සැමදේම අදවගේ මතකයි.
දුකින් නම් ඉන්නේ එහෙම ඉන්න එපා. මමත් දුකින් තමා. හැමදාකම දුක අපිට තියන එකක් නැහැ.
ඔයාගේ අමතක ඇතිතේ ඔයා අමතක කල මම හැමදාම ඔයාව මතක් කර කර ඉඳීවි. හැමදාම ඔයාගේ පැත්තෙන්.
ඔයා දැන් බනිවි තමුසෙට පිස්සු කියල. කියයි තමුසේ ආදරයක් තිබුනානම් මෙහෙම කරයිද කියල.
මම අහගෙන ඉන්නම්. එත් පුලුවන්න්නම් ඔප්පු කරන්න එකින් එක අරගෙන මම ආදරේ කලේ නැහැ කියල පුලුවන්නම්.
පුලුවන්නම් කරන්න බබා. ගල් හිතක්, මෘග හිතක් වෙන්න පුළුවන්. එත් ආදරේ කිරීම කරන්නම බැරිද?
මම ආදරෙයි ආදරේ කලා. හැමදාටම කරාවි. අද ඔයා ඔෆිස් ගිහින් ඇවිත් මේක ලියන වෙලාවේ නිදි ඇති. නැත්නම් ඉන්ටෙර්නෙට් එකේ ඇති.
එත් මම ඔයාව මතක් කරනවා කියලත් දැනෙන්න ඇති. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment