Saturday 4 August 2018

හැමදාම මතකයි..

අද ඔයා ගෙදර ඉන්න ඇති කියල හිතනවා බබා.
අද සෙනසුරාදා. ඔයා අදවගේ දවස් වලට උදේ 8 විතර වෙනකන් නිදාගත්තා.
ඉස්සර මුලින්ම මම එක්ක කතා කලෙත් සෙනසුරාදා දවස් වල වගේ මට මතක.
මතකද අපි මුලින් කතා කරපු හැටි? මට තවම මතකයි බබා. මම කොච්චර නපුරු උනත් මගේ-
තවම ඒ මතක ගොඩක් තියෙනවා. අමතක වෙන්නේ නැහැ මගේ මොලේ අසනීපයක් උනේ නැත්නම්.
ඔයාට දැන් මගේ මතක ටිකක්වත් නැතුව ඇති. මම කියන්නෙත් නැහැ බබා මාව මතක තියාගන්න,
මාව මතක් කරන්න කියල. මට දුකයි. එත් මම මට එහෙම උනාට මම ගැන දුක් වෙන්නේ නැහැ.
මම ඔයාට දුන්න දුකට මේක වෙන්න ඕන. එත් මගේ හිතේ දුකක් නැත්තේ නැහැ. එකගැන ඔයා කවදාවත් දුක් වෙන්න ඕන නැහැ.
දන්නවා ඔයාගේ හිත කොච්චර හොඳද කියල. මගේ හිතේ ලස්සන දෙයක් තිබුනෙම නැද්ද බබා? මගේ හිතේ ලස්සන තැන් තිබිලම නැද්ද?
සමහර වෙලාවකට අපි රණ්ඩු උනත් මම ඔයාගේ අහිංසක හිතට ආදරෙයි. හැමදාම එහෙම වෙයි.
මේදවස් වල මට නිතර දැනුන, මගේ හිතට දැනුන ඔයා මාව අමතක කලා කියල. කමක් නැහැ රත්තරන්.
මම අමතක කරන්නේ නැහැ ඔයාව. මම කොහේ කොතැනක හිටියත් ඔයා දිහා බලනවා. කරදර කරන්නේ නැහැ.
මගේ ආදරේ හැමදාම තියේවි. මම තරහ නැහැ.

No comments:

Post a Comment