Friday 17 August 2018

for you.

ඔයා හොඳින් කියල හිතනවා. හිතේ දුකින් ඇති. මමත් එහෙමයි.
මම මගේ දුක වැඩි හෝ නරක යමක් කියන්න අදහසකින් නෙවේ එහෙම කියන්නේ,
යම් දිනක ඔයා දැක්කම මට බනීවි මේවා කියෙව්වොත්. මම දන්නවා.
ඔය අත් දෙකෙන් මට බත් උයල කවල තියෙනවා ඔයා. මට ගොඩක් මතක් වෙනවා.
ඒ හැඟීමට මම හැමදාම ආදරෙයි. මම නරක මිනිහෙක් උනත් මම ආදරේ කරන්න හැදුව, ආදරේ කලා. හැමදාටම කරාවි.
මම තරහකින් නැහැ. ඊයේ ගොඩක් මතක මැදින් මම ආවේ. ඒ පාරේ මම අනන්තවත් දුකෙන් ගිහින් ඇති. ඔයාට මතකද මම ඒ පාරේදී අඬලා තියෙනවා අපේ කතා බහකින් පස්සේ. ඔයාව බලන්න ඇවිත් යන ගමන්. ඔයත් අඬ කිව්වා මතකයි අඬන්න එපා කියල. මම බොරුවට නෙවේ ඒ.
කෝල් නැති වෙච්ච වෙලාවට පිස්සු හැදුනේ. ඔයා ෆොනේ එක ඔෆ්ෆ් කරන් හිටියම පිස්සු හැදිලා දැඟලුවේ. එක එක මිනිස්සු මැසේජ් කරපු වෙලාවට වේදනාවෙන් කැගැහුවේ වේදනාවට ආදරේට මිස නරක හිතකින් නෙවේ. මට වෛරයක් කවදාවත් තිබුනේ නැහැ. මට මොනම හේතුවකටවත් ඒ කලෙත් මේ කාලෙත් හැමදාමත් ඔයාට වෛරයක් නැහැ. මට වෛරකරන්න බැහැ. මම කරන්න පුළුවන් දේ කලා කරනවා හැමදාම කරාවි. ඒ ආදරේ.
ඔයා හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි. අයෙත් ලියන්නම්/

No comments:

Post a Comment