Wednesday 8 August 2018

මැයි ගස.

ටික ටික හරි අමතක කරාවි ඔයා. දන්නවා වේදනාව.
 වේදනාවෙන් හිටියේ නැහැ කියන දේ හිතන්න එපා බබා. මගේ හිතේ තියෙන වේදනාවක් මම දන්නේ.
සමහරවෙලවකට ඉස්සර වගේ තවමත් පපුවේ කැක්කුමක් එනවා. බයවෙන්න එපා. මම බෙහෙත් ගන්නවා.
එත් එක එන්නේ බෞතිකවම නෙවේ. එකේ හිතේ කැක්කුමත් තියෙනවා කියල මට හිතෙනවා.
ඔයා කවදාහරි අමතක කරලා මාව ඔයාගේ හිතෙන් අයින් කරපු කුණු පිඩක් ගානට හිත හදාගනිවී. එක එහෙම වුනාට මම-
තරහ නැහැ. මට දුක හිතෙයි. දුක තියෙයි ගොඩක්. කමක් නැහැ. මතක්වෙනවා අපි ඇවිදගෙන ගිය පළමු දවසේ අකිලව හමු වෙලා ඔයා මගේ අත-
තදින් අල්ලගත්ත. මට හැමදේම මතකයි. එකේ අනිත් පැත්තත් කවදාහරි වෙයි මට. එත් මගේ හිතේ තිබුනේ බොරු අදරය කියල කියන්න එපා.
එහෙම දෙයක් නම් මම කලේ. එහෙම ආදරයක්නම් මට හිතුනේ (හැමදාටම තියේවි) මම ඇයි හිතින් විඳවන්නේ බබා? ඇයි මට අමාරුවක් හිතේ මෙච්චර?
අමතක වීම කියන එක ඇතුලේ ඔයාට මා යම් දිනක අමතක උනත් මගේ ජිවිතේ ඔයාගේ මතක හැමදාම මාව ජිවත් කරවයි. මට මතකයි ටොරින්ග්ටෝන් මැයි-
ගහක් යටදී ෆොටෝ එකක් ගත්ත ඔයා මගේ. මම මේක ලියන වෙලාවෙත් එකදිහා බලාගෙන ඉන්නේ. මම අපේ මතක වල ජිවත් වෙනවා. මට කවදාවත් ඔයා ළඟ නැති උනත් ඔයා නැති ලෝකෙක ඉන්න තියන්න නම් එපා. මට මේ ඉල්ලීම අයේ අයේ කරලා ඉල්ලන්නේ මට ඒ දඩුවම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා රත්තරන්. කරුණා කරලා. මම හැමදාම ඔයාව මතක් කරනවා. ඔයා හොඳින් ඉන්නම ඕන. මට වෙන්නම් මොකුත් ඕනෑම නැහැ.මම වගේ මෘගයන් නිසා හිත කලකිරවගන්න එපා. අම්ම හොඳින් කියල හිතනවා. එයාව ගොඩක් පරිස්සම් කරගන්න බබා. හොඳින් ඉන්න. මම ආයෙත් ලියන්නම්. මේකාලේ අපේ මතක මට මතක් උනා. මම ඒවා හැම එකම ලියන්නේ නැහැ. සතුට දුක හැමදේම අපේ ලස්සන ඇතිතේ. මම හැමදාම ඔයාව මතක් කරනවා. බයවෙන්න එපා මම කරදරයක් වෙන්නේ නැහැ ඔයාට කවදාවත් අයෙත්. හොඳින් ඉන්න.

No comments:

Post a Comment