Saturday 11 August 2018

අද දවසට ලියන දෙවැනි පොස්ට් එක. you are always in my mind.

බබා ඔයා හොඳින් කියල හිතනවා. අද දවසට ලියන දෙවැනි පොස්ට් එක.
මට ඔයාව නිතර මතක් වෙනවා. මුල කාලේ සින්දු රෙකොර්ඩ් කරලා එවපු විදිය මතක් වෙනවා.
ලස්සනම කාලේ අපේ ජිවිතවල. මම ඔයාව පන්නන්න හැදුව නෙවේ බබා. මට බැරි උනා ඔයා විඳින දුක බලන්න.
මම වැරදි වෙන්න පුළුවන්. මම වැරදි. ඔව්. එත් මම ආදරේ කලේ නැද්ද බබා ඔයාට? මම හැමදාම ඔයාට ආදරෙයි.
මම ඔයාගේ ඔෆිස් එක ලඟට ඇවිත් ගියා ලඟදි. මම දන්නවා ඉතින් ඔයා ඉන්නවා කියල. මම ඒ පහස විඳලා ගියා.
මම ඔයාගේ ඇස්දෙකට පෙනිලා ඔයාට කඳුළු දෙන්නේ නැහැ අයේ. මතක තියාගන්න ඔයාගේ හිතට, ඔයාට, මමත් හැමදාම ආදරෙන් හිටිය කියල.
ඔයා කෙනෙක්ගේ අත ගත්ත දවසට මාව ඉක්මනින්ම අමතකවෙයි දැනට අමතක වෙලා නැතිනම්. ඒ කාලෙත් මේ මුළු ජීවිතෙත් මම ඔයාට ආදරේ කරනවා.
ළඟ හිටියේ නැතත්. මම වෙන් උනේ වාසි අරන්  පැනල  යන මනසිකත්වෙන් නම් බබා මම මොකද මෙච්චර ඔයාව මතක් කරන්නේ. මම ආදරේ නොකර හිටියේ නැහැ.මම ආදරේ කලේ නැහැ කියල මට අපහාස කරන්න එපා. කෙරුවත් මම තරහ නැහැ. මට ඕන දඩුවමක් දෙන්න.
මෙච්චර ඔයාව මට මතක් වෙයිද මම කුහකනම්? මම නපුරුයි කිව්වට කමක් නැහැ. මම කුහක නැහැ. සමාවෙන්න මේවා ලිව්වට.
කවදාහරි දවසක බැලුවොත් හිතන්න මමත් ආදරේ නිසා ගොඩක් දුක් වින්ද කියල. ඒ ආදරේ හැමදාම මට තියෙනවා. හැමදාම තියේවි.
හොඳින් ඉන්න බබා. මම අමතක වෙයි. ඒ අමතක ඇතිතේ මම ජිවත් වෙයි.
මම ඔයාගේ හතුරෙක් නෙවේ. මම හතුරුකම් කලේ නැහැ බබා. මම ඔයාව ආරක්ෂා කලා. මට වැරදුනු ඒවාට සමාවෙන්න.
මමත් ආදරේ කලා. දැනුනේ නැද්ද? මම ඔයාට හැමදාම හොඳ දේ පතනවා බබා.
තෙරුවන් සරණයි මගේ රත්තරන්ට.

No comments:

Post a Comment