Saturday 18 August 2018

අපේ සතුට.

ඔයා හොඳින් ඇති කියල හිතනවා බබා. ඔයා සතුටෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්-
මම දන්නවා සතුට කියන දේ පතන්න අපිට අමාරු උනත් දැනටමත් ඔයාට සතුට හමු වෙලානම් මම ඔයාට තව තවත් සතුට පතනවා.
බොහෝ වෙලාවට ඔයා මම වගේ දුකෙන් ඉන්නවත් ඇති. එහෙමනම් මතක් කරන්න දුර උන්නත් ළඟ උන්නත් මගේ හිත හැමදාටම ඔයාට ආදරේ කරනවා කියල. ඔයා දුකෙන් ඉන්නකොට මගේ හිත හිනා වේවි ඇති කියල හිතන්න එපා බබා. ඔයා එහෙම හිතුවත් මගේ හිත එහෙම නැහැ. දුක මටම උරුමයක් වෙන්න ඇති. දැනට දුක තිබුනත් ඔයා වගේ ලස්සනම හිතක් තියෙන කෙනෙක්ට දුකම තියෙන එකක් නැහැ. මම දන්නේ නැහැ මගේ හිතට මට මොනවා වෙයිද කියල. මොනවා උනත් කමක් නැහැ. මම ඔයාට වගේම ඔයාගේ හිතටත්. ඔයාට වගේම ඔයාගේ ආදරේටත් ආදරේ කලා. මට වැරදුනත්. මම වරද්දව ගත්තත් මගේ හිත හැමදාම ඔයාගේ ළඟ. කවදාහරි මගේ මේ ලියපු ඒවා දැනුනොත් බබා බොරු කිය කිය හිටිය කියල හිතන්න එපා.(පුලුවන්නම් එහෙම නොහිත ඉන්න බලන්න කරුණාවෙන්) මම මෙච්චර කල් මෙහෙම ඔයාගේ මතක අතරේ දුකෙන් උනත් ආදරෙන් ඉඳීවිද මම බොරු කාරයෙක් විතරනම්. ඔයා ගොඩක් ලස්සනයි. මම ලස්සනට විතරක් ආදරේ කලේ නැහැ බබා. මතකද අපි දුප්පත් මිනිස්සුන්ට කෑම කලා එලියට එනගමන් කෑම ඉතුරු කරගෙන ඇවිත් දුන්න. මට මතක අන්තිම වතාවට අපි එහෙම කලේ බර්ගර් කින්ග් එකේදී හා රේස් කෝස් කැෆේ එකේදී. මම ඔයාගේ වෙනුවෙන් ඔයාගේ හොඳ වෙනුවෙන් වෙනත් විදියක සතුටක් හැදුව. මම කියන්නේ නැහැ ඔයාගේ හිතට මම කරුණාව ගෙනාවේ කියල. එත් අපි එහෙම සතුටු උනේ නැද්ද? අනික් මිනිස්සු අහක බලන් යනකොට ඔයයි මමයි අසරණ මිනිස්සුන්ට සල්ලි දීල සතුටු උනා. ඔයයි මමයි කෝටිපතියෝ ලක්ෂපතියෝ නෙවේ බබා. අපි දෙන්නටම තිබුනේ ත්‍යාගශීලි කම. මම අදත් ඔයාව ගොඩක් මතක් කරනවා. හොඳින් ඉන්න රත්තරන්. මම ඔයාට ආදරේ කලේ නැහැ කියල ලෝකෙම කිව්වත් කවදාහරි මම ඔප්පු කරන්නම්. කරාවි. මම තමා ඒක වැඩියෙන්ම කලේ කියල. මම දන්නවා මම නපුරු කමක් කලා. හැබැයි මම ආදරේ කලා. කරාවි, හැමදාම. මම හිතල දුකක් දෙන්න ආවේ නැහැ බබා. තෙරුවන් සරණයි. අයෙත් ලියන්නම්. බොරු කාරයෙක්නම් මෙහෙම මතක අතරේ දුකින් ආදරේ ගැන හීන මවයිද? හොඳින් ඉන්න.

No comments:

Post a Comment