Tuesday 28 August 2018

ඔබගැන සිතමින්.

මම මේක ලියන වෙලාවේ ඔයා බොහෝවිට ගෙදරට ඇවිත් හෝ ලංවෙලා ඇති.
අපි කොච්චරනම් කතා කලාද බබා? මම සමහර වෙලාවට ශානි  තරහට බස් එකෙන් බහින්න කියල බල කලේ-
මට ඇතිවෙච්ච දුකට බබා එයාල කියන සමහර වචන වලට. මම ඔයත් එක්ක තරහකට නෙවේ. මේ හැම පැහැදිලි කිරීමම-
කරන්න උනේ අපි දුරස් උන වෙලාවේ උනත් මම ඒවා ගොඩක් වෙලාවට කලේ ඔයාට ආදරේටම තමයි.
මම වාහනේ ගත්තට පස්සේ ගෙදර අයටත් ඉස්සරවෙලා එක්කගෙන ගියේ ඔයාව. මතකද පලවෙනි දවස මම වාහනේ ආපු?
ජීවිතේට මෙච්චර වේදනාවකින් මම ඉඳල නැහැ බබා. මම දන්නවා ඔයත් එහෙමයි කියල. ඒ වේදනාවෙන්ම තමා කියල. මම ඔයාට ආදරේ කලා කරාවි හැමදාම. මම හැමදාම මේ ලෝකේ ඔයාගේ පැත්තේ. මට ගොඩක් මතක් වෙනවා. මට ඔයාව පෙනෙන්නෙත් නැහැ, දකින්නත් නැහැ ඇහෙන්නෙත් නැහැ. ඒ දඩුවමත් මම විදින්නම්. ඔයා සමහර වෙලාවට අපේ රිලෙෂන්ශිප් එකේ මාව තරහගස්සන්නද මන්ද සමහර වෙලාවට කෙයර්ලෙස් විදිහට මට සැලකුව.(බින්දුවක්වත් තරහක් නැහැ) ඒ වෙලාවට මට පිස්සු හැදුනේ වේදනාවෙන් බැනගත්තේ අදරෙටමයි. වෙන හේතුවක් නිසා නෙවේ. අපි දෙන්නම ආදරේ කලා. මට ඒක  විස්වාසයි. මම ඔයා ගැන නිතර හිතනවා. මතක් වෙනවා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment