Thursday 23 August 2018

4.06pm,

ඔයා හොඳින් කියල හිතනවා. එහෙම නැතිනම් මම හොඳක් වෙන්න කියල පතනවා.
මම ගොඩක් ඔයාව මතක් කරනවා බබා. මම දන්නවා දැන් මම ඔයාගේ මතක එලිපත්තෙවත් නැති කෙනෙක්. මට ඒක දැනෙනවා.
දන්නවා අයෙත් මගේ මතක ඔයා ඔයාගේ හිතට නගාගන්නේ නැහැ කියල. ඒක මගේ හිතට දැනෙනවා දැනෙනවා වගේ. ඒක මට දුකක්-
එත් ඔයාට එකෙන් පොඩ්ඩක් හරි හිතට සැහැල්ලුවක් දැනෙනවානම් මාව එතනින් පන්නල දාන්න. එහෙම කරලා තියෙන්නේ කියල මට හිතෙනවා.
හිතේ හැම දෙයක් හිතතද්දීම කරද්දීම ඔයාව මතක් වෙනවා මට. මට මතක් උනා ඊයේ අපි බයිසිකල් පැද්ද හැටි.අපි සැලසුම් කලා පන්සලකටත් යන්න.
ආදරේ අපේ හිත්වල තිබුන. ඔයා කොච්චර නැහැ කිව්වත් මම මේ තැන ඉඳල කියනවා මගේ හිතේ ආදරේ තිබුන. තියෙනවා කියල.
ඔයාට රිද්දන එක නෙවේ මගේ අදහස උනේ. එත් මම ආදරේ නොකර ඉන්නේ කොහොමද? මම ආදරේ කලා. හැමදාටම කරාවි.
මේ වචන බොරු කියල කියාවි ඔයා. එත් මම දන්නවා මගේ හිතේ තියෙන දේ.
මට ආදරේ තිබුනේ නැත්නම් මම මොකද මෙහෙම මෙච්චර මතක් කරන්නේ? ආදරේ නෙවේනම් තිබුනේ ඔයා නැතිඋන මිනිත්තුවකදිත් මට පිස්සු හැදුනේ ඇයි?
මම අද මේක ලියන වෙලාවේ ඔයා ඔෆිස් එක ඉවරවෙලා එලියට එන වෙලාව. මම දන්නවා ඔය 4.06 වෙනකොට මට කෝල් කරනවා. ඒ ඔක්කොම එදාවගේම මගේ හිතේ තියෙනවා. මම තවම ඒ කාල සටහනේ ඉන්නවා. ඒ ලස්සන ඇතිතේ අපේ ලස්සන කාලය. හොඳින් ඉන්න බබා. පරිස්සමෙන් ගෙදර යන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment