Monday 6 August 2018

so tough. but i do love.

ඔයා හිතාගන ඉන්නවා ඇත්තේ ඔයාගේ වේදනාව මට දැනුනේ නැහැ කියල වෙන්න ඇති බබා.
වේදනාව ගැන මම නොදැන හිටිය කියල හිතෙනවත් ඇති. මම ඔයාට ආදරේ කලේම නැතිද බබා?
ඔයා මට වෛර කරනවා ඇති කියල මම හිතන්න කැමති නැහැ බබා. මම එහෙම කියන්නේ තරහකට නෙවේ.
එහෙම කලත් මම තරහ නැහැ. මට තවම ඔයාව දැනෙනවා. මට හැමදාම ඔයාව දැනේවි.
ඔයාට මේ වනවිටත්  මතකයක් නැති වෙන්න පුළුවන් බබා. මට හිතෙනවා මම දන්නවා ඔයාට ඕන මාව අමතක කරන්න.
ඔයා අමතක කරාවි. එත් මම ඔයාව අමතක කරන්නේ නැහැ. මට බැහැ. මට එහෙම කරන්න ඕනත් නැහැ.
 ඔයාට හැමදාම මගේ ආදරේ තියේවි.

No comments:

Post a Comment