Sunday 5 August 2018

ලියමි ඔබට.

ගොඩක් ඔයාව මතක් උනා. ඒවගේම යම් දෙයක් නිසා ගොඩක් බය උනා.
මට ඔයාව පෙනෙන්නේ නැහැනේ බබා. කරකියාගන්න දෙයක් නැතුව හිටියා.
මම කියන්නේ නැහැ මොකක්ද හේතුව කියල.
අසරණ වුණා කිව්වොත් හරි. ඔයා හොඳින් කියල හිතනවා.
මම අමතක කලාට කමක් නැහැ. තරහ නැහැ.
හවස ආයෙත් මතක් උනා ඔයා රෙකොර්ඩ් කරලා එවපු ඔයා කියපු සින්දු.
ලස්සනම කාලයක් ජිවිතේ. මමත් ආදරේ කලා බබා ඔයාට. ඒවගේම කරනවා හැමදාටම.
අද ඉරිදා. හෙට උදෙන්ම ඔයා වැඩට යාවි. මගේ හිත පුරාම ඔයා ඉන්නවා.
පරිස්සමෙන් ඉන්න බබා. හොඳින් ඉන්න. මටදීපු අන්තිම පොරොන්දු කීපය කඩන්න එපා.
අපි අඬ අඬ වෙච්ච පොරොන්දු කීපයක් තිබුන. මාව මතක නැතත් ඒවා කඩන්න එපා.
හැමදාම ඔයගැන හිත හිත ඉන්නේ. අදත් නින්ද එන්න පරක්කුවෙයි. එත් හැමදාම වගේ ඔයාගේ මතක-
අදත් ඒවි. හැමදාම මගේ එක්කමයි.

No comments:

Post a Comment