Sunday 26 August 2018

මතක ගඟ

මම හිතනවා ඔයා හොඳින් කියල. ගොඩක් ඔයාව මතක් උනා බබා. එත් මම දන්නවා දැන් මාව මතක් වෙන්නේ නැහැ කියල. ඒක දුකක් උනත් මට මම තරහ නැහැ. ඔයා එහෙම කලේ හිත හදාගන්න හිතේ තියෙන දුකට වෙන්න ඇති. එත් මම වෙනස් වෙලා කොයි කාලෙක හරි ඔයාගේ ලඟට අයෙත් දුවගෙන ඒවි. මම පොරොන්දු වෙනවා මම වෙනස් වෙලා ඉන්නම් කියල. අයේ හිත රිද්දවන්නේ නැහැ කියල. මම හැමදාම ආදරේ කරාවි. ඔයා සමහරවිට මාව අමතක කරලා තියේවිද කියලත් හිතනවා. මට වරදින්න ඇති. එත් බබා මම ඔයාට ගොඩක් ආදරේ කරනවා කරාවි එදත් එහෙම කලා. හැමදාටම එහෙමයි. මට ඔයාව පෙනෙන්නේ නැහැ. එත් මට ඇස් වහන හැම වාරෙකදීම ඔයාව පෙනෙනවා. මට අද මතක් උනා අපි ආයෙත් ශෝපින්ග් කොම්ප්ලේක්ස් වල ඇවිදපු හැටි. මොකද ඔයා තෝරපු ඇඳුමක් මම අද ඇන්දේ. මතකද එම් සී එකේ ගත්ත ඩෙනිම් කලිසම? අද ඒක ඇන්ද. මතක ඉතින් මගේ දෙගොඩ ගලාවි. ඇස් දෙකත් තෙත් වේවි. තෙත් වෙනවා මේක ලියනකොටත්. කොච්චර ලස්සන කාලයක්ද. අද ඔයා නිවාඩු දවසක්. ඊයේ අම්මල එක්ක පන්සල් ගියාද? අපි දෙන්නට පන්සලකට යන්න බැරි උනා. එත් අපි පින්කරලා ඇති ඒ අපි එකට හිටපු කාලෙට ගොඩක්. ඒවා ඔයාට හා අම්මට අත්පත් වෙන්න ඕන ඔයාගේ. මතකද ආර්කෙඩ් එකේ කලා එනගමන් අපි ඉතුරු කරගත්ත කෑම ගෙනත් එතන අතුගාන මිනිස්සුන්ට දුන්න. හැමදාම ඒවගේ ලස්සනට ඔයාගේ හිත තියාගන්න බබා. කවදාහරි මගේ මේවා කියෙව්වොත් එහෙම වෙන්න. මම දුරක ඉඳල ඔයාව දැනෙනවා. සමහර වෙලාවට දැනෙනවා ඔයාගේ හිතින් මාව අයින් වෙනවා. මම ඔයාව මගේ හිතෙන් මැකෙන්න දෙන්නෙත් නැහැ. මැකෙන්නේත් නැහැ. ඔයාගේ උපන්දිනේ දවසේ ඔයාගේ උපන්දිනේ වෙනුවෙන් හිටපුවපු ගස් දෙකක් තියෙනවා. මම ඒවා ලඟට ගියා. ලොකුවෙලා දැන්. ඔයාගේ උපන්දිනේකට ගහක් හිටවපු කෙනා මම. හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment