Friday 18 May 2018

හැගුම් මල් මාවතේ. 19/05/2018

මම තරහ නැහැ. අද වගේ දවසක තමා බබා මමත් පලවෙනි වරට කපුරුක එකෙන් තෑග්ගක් ඩිලිවරි කලේ. ඔයත් කිව්වා ඔයාගේ ජිවිතේ පලවෙනි වරට තෑග්ගක් ඔන්ලයින් ආවේ කියල. ගිය අවුරුද්දේ ඔයා උපන් දිනේට පන්සල් ගියා. මේ අවුරුද්දෙත් යයි කියල හිතනවා. මම අද ගහක් හිටවනවා. අඩුම ගානේ මම වගේ මිනිහෙක්ට ගහක්වත් හිටවගන්න පුළුවන් වෙයිනෙ. කවදාහරි දවසක ඒවායේ අපේ මතකය තියෙන සුවද මල් පිපේවි. සමහර විට ඔයාටත් ඒක දැනේවි. මම දාල ගිය දවසේ ඉඳල ඔයා වින්දෙව්වා කියල දන්නවා. එත් මෘගයෝ රිදවන එකට වඩා මොනවද දන්නේ බබා? මම මිනිහෙක් නෙවේ. මිනිස් ගුණ මම ළඟ තිබුනේ නැහැ. අද අපි හිටියනම් ටොරින්ග්ටන් පැත්තේ රව්මක් දායි අපි. හවස ඉතින් අම්මට බයේ ඔයා යයි 3.30 හෝ 4 වෙනකොට.මම ඔයාව එක්කගෙන ගෙවල් පැත්තට යයි. මම දුන්න දුක් වලින් ශක්තිමත් වෙලා ඔයා හොඳ කෙනෙක් වෙලා හොඳ තැනකට යන්න. මම බලන් ඉන්නවා. මම අද ලෝකෙටම හොරෙන් අපේ මතක අතර ඇවිදිනවා. ඕයා මාව යම් දිනක අමතක කරාවි. තරහ නැහැ.{ඔයා දැන් අපේ නංගි එක්කවත් කතාවක් නැහැ නේද? මම තමා ඉස්සර අපේ ප්‍රශ්න වෙනකොට එයාට කිව්වේ චැට් කරන එක නවත්තගන්නවා කියල. එයා ඒකට බය උනා. එයා කවදාවත් ඔයත් එක්ක තරහ නැහැ. එකත් මගේම වරදක්.} මම වගේ නපුරු මිනිස්සු නෙවේ බබා හොඳ මිනිස්සු ඉන්නවා. යම් කෙනෙක් ආපු දවසට මාව අමතක කරන්න. ඔයා ආදරේ දුන්නේ මිනිහෙක්ට නෙවේ. එත් එහෙම කරන්න තරම් ඔයා බොහොම ත්‍යාගශීලි අවංක කෙනෙක්. අමනුස්සයන්ට ආදරේ කරලා අන්තිමට ඔයාට රිදුන. සුබ උපන්දිනයක් හිතට දැනුනු ලස්සනම දේට. හොඳින් ඉන්න බබා. දුක් වෙන්න එපා කරුණා කරලා. හොඳින් ඉන්න.(මට සන්තෝසයි මම වෙන්න ඇති ඔයාට මුලින්ම විශ් කරපු කෙනා)

No comments:

Post a Comment