Wednesday 30 May 2018

මගේ දිනය හා නිරර්ථක උත්සාහ

මට අප්පිරියම මගේ දවසේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන බලන් හිටිය ඉගියකින් හරි දෙයක් වේවිද කියල.
මෙච්චර අකටයුතුකම්, වේදනා දීල තව මේවගේ දවසක මොනවා බලාපොරොත්තු වෙන්නද?
කොහොම උනත් බබා හැමදාම වගේම හිත කකියනවා. මගේ පපුවත් ඒවගේමයි. මතකද දවසක් පපුවේ කැක්කුමක් අවහැටි?
මතකද මුලින්ම වරට පපුව රිදුන මගේ. මම දැන් ඒක ගැන වැඩිය හිතන්නෙත් නැහැ.
ඔයා හොඳින් ඉන්න. අද දවසත් ගෙවිල ගියා. මටත් කිසිම විශේෂයක්වත් දැනුනේ නැහැ.
සුබපැතුම් එකක්වත් නැහැ. මුළු දවසටම අද මාව මතක් උනේ ලංකා බැංකුවට විතරයි උන් එස් එම එස් එකක් එවල තිබුන.
කොහොම උනත් මේක මම දන්නවා මම විදින්න ඕන. ප්‍රතික්ෂේපය කියන එකේ වේදනාව ඔයා වින්ද. එතින් මේක පැණි රහක් කියල-
පිළිගන්න මමත් අද උත්සහ කරනවා. එත් මගේ වේදනාවෙත් ඉවරයක් නැහැ. අද හවස වේදනාව අඩු කරන්න නිරර්ථක උත්සහයක් මම ගන්නම්.
හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment