Friday 11 May 2018

ලියනෙමි අයෙත්.

මම වැඩ ගොඩකට හිර වෙනවා. සමහර දවස් වලට ඔයාව මතක් උනත් මෙතනට ඇවිත් දෙයක් ලියල යන්න බැරි වෙනවා. ඒ තරහකට නෙවේ. අපි කොහේ හිටියත්. ඔයාට මාව අමතක උනත්. යම්දිනක අමතක කරලම දැම්මත් මට අමතක වෙන එකක් නැහැ. මම වැරදි ගොඩක් තියෙන කෙනෙක්. එත් පුදුමයි මම ඒ හැම තැනදීම වැරදි උනත් පුදුමයි එහෙමනම් මගේ මතකයෙන් ඔයාව ඇත් නොවෙන එක. එහෙම කරන්න උවමනාවකුත් මට නැහැ. එත් අපේ ඒ කාලේ ගතකරපු හැම විනදියක්ම මට ජිවිතේ පුරාවටම මතක තියෙනවා. අපි හිනාවුණු හැටි, අපි අඬපු හැටි. හැම දෙයක්ම. මට කවදාවත් ඔයා අසාර්ථක වෙනවා බලල සතුටු වෙන්න ඕන උනේ නැහැ බබා. ආදරේ හිතුන එක තමා මට උන වැරැද්ද. මම ඔයාව වාසියට ආශ්‍රය කලේ කියල තවත් මට අපහාස කලාට කමක් නැහැ. ඒක මම වින්දින්නම්. එත් මම හැමදේටම පස්සේ සතුටින් ඉන්නවා කියන එක අත්තක් නම් නෙවේ. මතකද අපි බෞධ්ධාලෝක මාවතේ හමු උන හැටි. ටොරින්ග්ටන් වෙනකන් පයින් එහෙ මෙහෙ ගිය හැටි. මතකද පළමුවරට අපි එකට කෑම කාපු හැටි? හැමදේම පුදුමයි එත් එක තමා ජිවිතේ. අපිට ආදරේ අවා. ආදරේ හිතේ තිබුනත් මම යක්ෂ වර්ගයක කෙනෙක්. ඉතින් ඔයාට රිදුනා. මම කවදාවත් ඔයාට රිදෙනවා බලන් ඉන්නේ නැහැ බබා. ඔයා අසනීප වුන වෙලාවෙත් මම පිස්සුවෙන් වගේ කොළඹ දිව්වා මතකද? ඔයා අපහු මම යන වෙලාවට ඇඳ පැත්තට යනකන් මම ඈත ඉඳල ජනෙල් කවුළුවකින් බලන් හිටිය. ඔයා සමහර වෙලාවට මාව දැක්ක. හිතේ ආදරේ, දුක හැමදේම දරාගෙන තමා බබා මම ඒ හිටියේ. ඔයාට උණ හැදිලා අමාරු උනා කිව්වම මගේ ඔලුව රත්වෙනවා දැනුනේ නිකන්මද? එහෙම වෙනවා දැනෙන්නේ මම වගේ වාසියට ආදරේ හිතුනු මෘගයන්ටම වෙන්න ඇති. හැමදාම මට වැරදීම විතරමද? මම ඔයාට කවදාවත් නරකක් කරන හිතකින් හිටියේ නැහැ. ඒක මගේ හිත දන්නවා. ඔයා වේදනා විඳිනකොට මට ඒක දෙගුණ වෙලා දැනෙන්නේ. දැනුනේ. හැමදාම දැනේවි. ඒවගේමයි රණ්ඩු වෙලා මම මැරෙනවා කියල මම කෑගහනවා මතකද? ඒවා ඇත්තම වේදනාවල් මට ආපු. ඔයා මාව හමු වෙලා හුගක් කාලයක් යනකන් මගේ හැගීම් දැනුනේ නැහැ දැනෙන්නේ නැහැ වගේ ක්‍රියා කලා. එත් බබා මම වේදනාවෙන් කැගැහුව, බැන්නා දුක් උනා තනියෙන් ඇඬුවා මිසක් කවදාවත් වෛර කලේ නැහැ. ඔයා මම අඬපු හැටි දැකල නැහැ. පස්සේ ඒ වේදනාවෙන් මිදෙන්න මම කලේ දේවල් ඔක්කොම ලියන්න ඕන නැහැ. මම බීලා ඇති ඕනෑතරම් බබා වේදනාව නවත්තගන්න බැරුව. අනේ ඒවාට මම ජීවිතේට තරහක් නැහැ. මම මීට වඩා විඳවන්න ඕන. මාව අමතක කලත් හොඳින් ඉන්න බබා. මගේ මතකය හැමදාම තියේවි. අයෙත් ලියනම්.

No comments:

Post a Comment