Saturday 5 May 2018

හඬලම වියලුනු අපේ ඇස්(නුඹගේත් මගේත්)

අදත් මම ගියා අපි ගිය පාරක. මතකද සමහර දවස් වලට මම වැඩ කරන තැන ඉඳල කොළඹ එනකොට කෙලින්ම අවා ඔයා වැඩ කරන තැනට. පුදුමයි කාලය. මම ඔයාට බොරු කරන්න හැදුවේ නැහැ. එත් මට ආදරේ හිතුන. මම වැරදි වෙන්න ඇති. මම එත් ඔයා කියන විදියේ ප්ලැන් එකක් කරපු කෙනෙක් නෙවේ. සමහර වෙලාවට මම කෑගැහුවේ වේදනාවටම වගේ මට මමත් එක්කම තිබුන තරහකට. බබා මට ඔයාට ආදරේ කරලා පැන්නුවමත් නෙවේ. එත් ඒක මගේ කරුමේ නිසා වෙච්ච දෙයක්. එත් මම කවදාවත් ඔයාට තවත් දුක් දෙන්න ඔයා දුක් විඳිනවා බලන්න පුළුවන් කමක හිටියේ නැහැ. මම එනිසා ඔයා දැකපු නපුරු අමුතු අමනුස්ස මිනිහ වුණා. මම එහෙම උනේ වෛරෙකිනුත් නෙවේ, කැමත්තකිනුත් නෙවේ ඔයාගේ අඩුපාඩුවකටත් නෙවේ. ඔයා මතකද මාව ෆේස් බුක් එකේ ඇඩ් කල කාලය. පස්සේ ඒක ගැන ඔයා දුක් උනා. ඔයා සතුටෙන් හිටපු කාලේ නැති කරලදාන්න මේ කාලයට ආව නපුරු චරිතය මම. මම දන්නවා. එත් මම හිතල කලේ දෙයක් නෙවේ. ආදරේ හිතට එන්නේ අපි හිතලම නෙවේ. ඒක මගේ කරුමෙට මගේ හිතටත් අවා. මම ආදරේ කලා. මෘගයෝ විදියට උනත්. මම මෘගයෙක්නම් මම ආදරේ කරන්න දන්නේ මෘගයෙක් විදියට. සමාවෙන්න. එත් මම වෙන කොහොමද? ඔයාගේ තෑග්ගක් විදියට ලැබුණු පැන අදත් මගේ බෑග් එකේ මම හැමතැනම ගෙනියනවා. මට ඒවා ගොඩක් පුජනීය දේවල්. මම මේවා මෙහෙම ලිව්වට කිසිම තැනක බබා ඔයාගේ පුද්ගලිකත්වය කෙලෙසන්නේ නැහැ. මම මේ ලියන දෙයක් පුළුවන් උනොත් මම දවසක පෙන්වන්නම්. මම අත්මර්තයම විතරක් කලේ නැහැ. මම ආදරේ නාමෙන් හොඳ දෙයක් කරලම නැද්ද? ඊයේ මේක ලියන වෙලාවට ටිකක් ඉස්සර වෙලා මම ෆේස් බුක් එක බැලුව. ඔයා පින්තුරේ වෙනස් කරලා තිබුනේ පැය 4 කලින්. පුදුමයි දුකයි එත් කමක් නැහැ. මම කාලයක් ඔයාගේ ෆේස්බුක් ඔපෙරටර් වෙලා හිටිය. මම දන්නවා අසාදාරන විදියට උනත්. ඒවා කලේ අදරේටම විතරයි. දැන් මම ඔයාගේ පිටුවේ එලිපත්තටවත් එන්න බැරි කෙනෙක්. මට කමක් නැහැ බබා ඔයා මොනවා එකේ දැම්මත්. මට ඔයාව ඇසකට හරි පෙනුනේ එතන. මම එකේ කවදාවත් හිටියේ ඔයාගේ ඔත්තු බලන්නවත්, කොමෙන්ට් දන්නවත්, පුද්ගලිකත්වෙට හානියක් කරන්නවත්, ඉරිසියා කරන්නවත්, ගරහන්නවත් නෙවේ. මම එතන ඔයාව පෙනුනේ එකෙත් හිතට සුවයක් තිබුන. එත් ඒක දැන් නැහැ. ඒක නැති උනෙත් මම නිසාමයි. වරද මගේ. මම දන්නවා. කවදාහරි මම පුළුවන් උනොත් මගේ හිත පෙළුණු විදිය ටිකක් මෙතන ලියල තියෙනවා. පුළුවන් කම ලැබුනොත් පෙන්වන්නම්. මේක මම නරක හිතකින් කරපු එකක් නෙවේ. යම් දිනක කියෙව්වොත් බලන්න බබා. පුලුවන්නම් ඔක්කොම කියවල බලන්න. ඔයාගේ අත අල්ලාගෙන කාලෙකට ඉස්සර හිටපු මිනිස් වෙස් ගත්ත මෘගයා සමහර දවස් වල රෑට මෙතන ඉඳල නිදි වරාගෙන ඔයාව මතක් කලා කියල. හඳට උඩු බුරන වෘකය මම. එත් ඒක හදට ඇහෙන්නේ නැහැ. එක දන්නවා. එත් මුළු ලෝකය පවතිනකන්ම එහෙම වෙන එකක් නැහැ. මෘගයොත් ලෝකේ ආදරේ කරලා ඇති, එහෙම ආදරේ ගැන කවි නොලියවුනත්, පොත් නොලියවුනත්, ගීත නොලියවුනත්, පිළිම චිත්‍ර අඹුනේ නැතත්. මට වෙච්ච පොරුන්දු කවදාවත් නොකඩේවා කියල මම පතනවා බබා. අනික වැඩකට නැති මම වගේ එවුන් නිසා හිත අව්ල් කරගන්න එපා කවදාවත්. මම පෙනෙන්න එන්නේ නැහැ බබා මගේ ජීවිතේට. කවදාවත් ඔයාට බදා කරන්නේ නැහැ. කරදර කරන්න එන්නේ නැහැ. හැබැයි මම ඉන්නකන් මම ලොකු වලාකුලක් වගේ ඉහලට වෙලා නිහඬව ඉන්නවා. වැස්සකින්වත් බදා කරන්නේ නැහැ. හැබැයි පොරොන්දු කඩන්න එපා. මම කිසිම අසාදාරණ දෙයක් ඉල්ලන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න.

No comments:

Post a Comment