Friday 18 May 2018

සුබ උපන් දිනයක්.

සුබ උපන් දිනයක්.
 මම හිතන්නේ ඔයාට දවල් ඩිලිවරි කප්රුක ඩොට් කොම් කතා කරන්න ඇති. ඔයා කරපු දේ හරි. මම තරහ නැහැ.
රිද්දල පාරවන්න තරම් නපුරු වෙලා මම. සමාවෙන්න. ඒක මම සස්පෙන්ඩ් කලා. මට එයාල කතා කරලා කිව්වා රිසිව් කරන අය නොට් රෙස්පොන්ඩ් කියල. ඒක කමක් නැහැ බබා. ඒක තමා හරි දේ. 
අපි එකට හිටියනම් කොහොම සමරයිද? කමක් නැහැ. මම ලබන ආත්මේම එයි.( බනින්න විහිලු කරන්න කමක් නැහැ)
මට වෙන කරන්න පුළුවන් මොනවද? හෙට උදේ මම ගහක් හිටවනවා. අපේ හිත්වල තිබුන යමක පොඩ්ඩක් හරි සුන්දර දෙයක් තිබුනානම්, මට ඇත්තම මනුස්සකමක් තිබුන නම් ඔයා වෙනුවෙන් ඒවායේ මල් පිපේවි. කොහේ හරි කමක් නැහැ. හොඳින් ඉන්න. මට දුන්න අවසාන පොරොන්දු කීපය කඩන්න එපා.
අනේ මම ව්‍යාපාරික පොරොන්දු, ආත්මාර්ථකාමී පොරොන්දු මොකුත් ඉල්ලුවේ නැහැ. හොඳට මතක් කරලා බලන්න. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවම ලැබෙන්න ඕන. අම්මට තාත්තටත් එහෙම්මමයි. සමහර විට ඔයා හෙට පන්සල් යයි නේද? හොඳින් ඉන්න බබා. ඔයාට නපුරු වෙච්ච වන මෘගයෝ ගැන හිතල ශක්තිමත් වෙලා ඉස්සරහටම යන්න. මට ඔයාගේ පේජ් පෙනෙන්නේ නැහැ. එත් අද සෙලිබ්‍රටේ කරන්න ඇති නේද? හොඳින් ඉන්න. සුබ උපන්දිනක් වේවා!!! දිගාසිරි ලැබේවා.තෙරුවන් සරණයි. IM THE FIRST TO WISH YOU!


No comments:

Post a Comment