Sunday 6 May 2018

දහවලෙන්ම

ඔයාව මතක් වෙන හැම වෙලාවේම ඔයාට ලියන්න හිතෙනවා. මම ඔයාගේ පින්තුරයක් බලනවා එෆ් බී එකේ. මම එෆ් බී දැන් වැඩිය එන්නේ නැහැ. හැබැයි ඔයා මට කරපු චෝදනාවක් තිබුන බබා මම දම්මිකා කියල කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුන කියල. ඒක වැරදි. මම ඒවාට ඉඩ දුන්නේ නැහැ. තවත් කියනවනම් ඇමරිකාවේ ඉන්න මගෙත් එක්ක සම්බන්දයක් තිබුන කෙනත් බැන්ද. ඔයා මට චෝදනා කලා මම එයා එක්ක සම්බන්දයි කියල. එත් ඒක වැරදි. එයා බැඳලා ගොඩක් කල්. මම එයාගේ අම්ම මැරෙන්න ඉන්න වෙලාවේ උදව් කලා විතරයි. එකෙන් මට පිනක් උනානම් ඒක ඔයාට අයිති වෙන්න ඕන. අපේ මව්පියන්ට කවදාවත් එවන් අකල් මරණ සිද්ද නොවෙන්න ඕන. ඒවත් මට හිටපු ගමන් මතක් උනා. අපි ඕවට රණ්ඩු උන නිසා. බබා මට ඔයගැන සැකයක් නැහැ. මට සමහර වෙලාවට මට ඒවගේ දේවල් හිතුනේ මට ඔයගැන තිබුන කැක්කුමට ආදරේට. මම ඊයෙත් ගොඩක් රැවෙනකන් ඔයාව මතක් උනා. ඊයේ රෑත් මෙහෙම ඇවිත් ලිව්වා. මම දන්නවා මම ගැන මතක් කරනවට වඩා මම ගැන අමතක කරන එක හිතට සුවයක් ඔයාට. එහෙම උනාට මම කවදාවත් ඔයාට වෛර කරන්නේ නැහැ. මම එහෙම කරන්නේ කොහොමද? අද දවලෙනුත් ලියන්න හිතුන.

No comments:

Post a Comment