Sunday 27 May 2018

අදත්

ඔයා මට දකින්න නැති උනත් මට නිතර මැවිලා පෙනෙනවා.
හැමවෙලාවෙම මතක් වෙනවා. ඒ මම ඔයාට කලේ බොරු ආදරේ නිසාද?
බබා මට ඔයාට හානි කරන්න ඕනනම් නැහැ. මම එහෙම තුන් හිතකින්වත් හිතුවේ නැහැ.
මම ඔයාට නරක විතරක්ද? මගේ තිබුනේ නරක විතරමද?
හැමදාම නින්දක් නැහැ. හිත මගේ විඳවනවා. මට කොච්චර වෛර කලත් කමක් නැහැ බබා.
මම ජිවිතේටවත් තුන් හිතකින්වත් නරකක් කරන්න හිතුවේ නැහැ ඔයාට.
අද ඉරිදා ඔයා ගෙදර ඉන්න දවස. මට තවම මතක් වෙනවා. අද අපිට කතා කරන්නත්-
අමාරුවෙන වෙන දවසක්. මොකද අම්ම ගෙදර නිසා. මට එයාව උනත් මතක් වෙනවා.
ඔයාට එයා ගොඩක් ආදරෙයි. එයාව පරිස්සම් කරන්න. මම හිතනවා ඔයා එයාව ක්ලිනික් ගෙනියනවා ඇති කියල
දෙන්නම හොඳින් නම් එච්චරයි. හිතේ ගොඩක් වේදනාවකින් ඉන්නේ. මම දන්නවා ඔයත් එහෙමමයි කියල.
අනේ පරිස්සමෙන් ඉන්න බබා. මම පතනවා ඔයාට මේ වැහි කාලෙට පස්සේ මතක් වෙයි කියල මදුරුවෝ බෝවෙන කාලයක්.
අනේ අයෙත්නම් ඩෙංගු හදාගන්න එපා. දෙවැනි වතාවේ ඩෙංගු ට්‍රිට් කරන්න අමාරුයි.
තෙරුවන් සරනෙන් පරිස්සම් වෙයි කියල මම හිතනවා. ඩෙංගු ඔයාලගේ පැත්තේ වගේම කොළඹත් සුලබයි.
පරිස්සමෙන් ඉන්න. මට නිතර ඔයාව මතක් වෙනවා. නිතරම. ඔයා බොරු කියල කියයි.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment