Thursday 24 May 2018

අද සිතිවිලි

ඔයා හොඳින්ද බබා? මම අද යම් ගොඩක් හොඳ දෙයක් කලා. ළඟ හිටපු කෙනෙක්
මගෙන් උදව් ලබපු මනුස්සයට කිව්වා විහිලුවට වගේ "මේවා ගෙවන්න කවදාහරි අපහු කියල"
මතකද මම මෙහෙ එනකොට ඔයා කිව්වා බබා ඔයා මිනිස්සුන්ට උදව් කරන්න යන්නේ කියල.
ඉතින් මට ඔයාව මතක් උනා. එකෙන් පිනක් උනානම් මට ඒවගේ වචනයක් හරි කියපු ඔයාට ඒක ලැබෙන්න ඕන.
ඔයාගේ දෙමව්පියන්ට ඒක ලැබෙන්න ඕන. ඔයා කවදාහරි මාව අමතක කල දිනකටත් මම ඔයා වෙනුවෙන් මෙහෙම කරන්නම්.
ඔයාට හිතෙයි බබා මමත් ලේසි පාරක යන්නේ කියල. ඔයා හිතන්නේ එහෙමද?
පපුව පුරෝලා ගන්න හුස්ම මනසේ සන්තාපයෙන් එලියට යන වේදනාව මම හුගක් විදිනවා.
වේදනාවම තමා හැම තැනම. උපන් දිනේ දවසේ ගස් කීපයක් හිටෙව්වා. මල්පිපේවා අපේ නමින්.
ඔයාගේ අම්ම හොඳින්ද? මම හිතනවා එයා හොඳින් කියල. බබා ඇත්තටම ඔයාගේ අම්ම ගොඩක් වටිනවා.
වෙලාවට ක්ලිනික් එක්කගෙන යන්න. මම සුවය පතනවා. මට නිතර මතක් වෙනවා විවිද වෙලාවට.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment