Tuesday 29 May 2018

මම කැමති නැහැ හෙට දවසට. ඒක මට එපා. May 30

අදත් ඉතින් වෙනද වගේම තමා. නරකක් නෙවේ. එත් ඔයාව මතක් වුණා.
මම හිතල නෙවේ බබා මගේ හිතට ආදරේ ගත්තේ. එත් මට ආදරේ හිතුන.
මට ඔයාව රවට්ටන්න ඕන වුනේ නැහැ. එත් මට ඔයාට ආදරේ කරන්න ඕන වුණා.
මම දන්නවා කවදාහරි ඔයා මගේ මේ පිටුව මතක් කරයි. මේක නිසා රණ්ඩුත් උනා.
එත් මම මේක ඔයා කියන විදියට පාවිච්චි කලේ නැහැ. කවදාහරි බැලුවොත් මතක් වෙයි-
මම මෙතනට ඇවිත් ගොඩක් වේදනාවෙන් උන්න කියල. ඔයා සතුටින් ඉන්න කාලෙක උනත්.
මාව අමතක කලාට මාව කොන් කලාට කමක් නැහැ. එහෙම කරන්න. මම ඒවගේ දේවල්-
අනන්තවත් විඳවන්න ඕන. ඔයා එක්ක හිටපු මගේ හැම විනාඩියක්ම හරිම පුජනියයි බබා. කමක් නැහැ-
බනින්න කවදාහරි බොරුකරන, නපුරු, ආදරේ අඳුරන්නේ නැති මෘගය කියල. ඔයා කියන ඕනෑම වචනයක් හරි බබා මාව හදුන්වන්න.
පුලුවන්නම් මගේ ශරීරෙ කැඩෙනකන් ගැහුවත් මම ඔයාට වචනයක් කියන්නේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ බබා?
මම දන්නවා ඔයාට බැනල, රණ්ඩුවෙලා මමත් දුක් වින්ද. ඔයා විඳපු වේදනාව මතක් වෙනවා. මට නින්ද යන්නේ නැහැ.
ඔයා මගේ ජිවිතේ වසන්ත කාලය. මම ඒක ඉවර කරලා දැම්මත්. මමමැරෙනකන්ම දුකින් ඉන්නම්. හැබැයි මම ඔයාට වයිර කරන්නේ නැහැ.
මම මොකටද කොහොමද ඒක කරන්නේ? මමමයි හැමදේම වැලක්කුවේ. ඔයාව වේදනාවේ දැම්මේ මම. මට මේක ඉවරයක් වෙනකන්ම වේදනා වින්දත් ලොකු සැපක්. හෙට මගේ විශේෂ දිනයක්. මතක් වෙනවා ඔයා දුන්න තෑග්ග. අම්මත් එක්ක ගිහින් ගත්තේ කිව්වා. ඒක ගොඩක් වටිනවා මට. හැමදාම එකේ සුවඳ බලනවා. උපන්දින කාර්ඩ් එක බලල මම අනන්තවත් ඇඬුව බබා. සත්තයි. මම කොච්චර නරකයෙක්ද? අනේ දෙවියනේ ඔයාට මේ වේදනාව දීපු මට හොඳක් ඕන නැහැ. මම වේදනාවෙන් ඉන්නම්. හෙට මම ගොඩක් වේදනාවෙන් ඉඳීවි. ඔයාව මුළු හිත පුරාවට මතක් වේවි. කඳුළු ඇස්වලින් එලියට පනිවි මම නොදනිම. එත් මම දන්නවා මමම තමා මේ තත්වෙට වැටුනේ. ඉතින් මේ දවසේ අපි මොනවා කරාවිද මේ අපි එකට හිටපු කලයනම්. කමක් නැහැ. මට දුකම උනත් කමක් නැහැ මගේ රත්තරන් කොහේ හරි හොඳින් ඉන්නවනම්. ඔයා හොඳින් ඉන්න. සතුට ලැබේවා ඔයාට. සමාවෙන්න බබා.

No comments:

Post a Comment