Saturday 19 May 2018

අමතක නොවේ.

උපන්දිනේට පස්සේ දවස. ඊයේ ඔයා මොකද කලේ බබා?
මම ඔයාව ගොඩක් මතක් උනා. මම දන්නවා මතක් උනා කියන එකේ ඔයාට ලොකු දෙයක් දැනෙන්නේ නැහැ.
මම දන්නවා බබා ඔයාගේ වේදනාව. ඒකම මගේ හිතටත් දැනෙනවා. මට මතක් උනා අපි මැජෙස්ටික් සිටි ෆිම් ගිය හැටි.
වොල්වෙරින් බලන්න හිටපු හැටි. මම ලස්සන මතක ගොඩක වේදනාවෙන් ඇවිදිනවා බබා.
මට තියෙන එකම වටිනා දේ එච්චරයි. බබා මම මහා නරක මිනිහෙක්. මම එකත් දන්නවා.
ඔයත් හිනා වෙලා ඇතුලෙන් අඬ අඬ ඉන්නේ කියල මම දන්නවා. මමත් එහෙමයි.
එත් කවදාහරි මේක කියෙව්වොත් බබා දැනගන්න මමත් ලොකු දුකකින් ඉන්නේ කියල. නැත්නම් මම ඒ කාලෙක හිටියේ නැත්නම් මම දුකෙන් හිටිය කියල.
මට ඔයාව දැන් පෙනෙන්නේ නැහැ. අනේ නොපෙනුනත් බබා මම තරහ නැහැ. මාව ඩිලීට් කරපු එක අසාදාරන නැහැ. මෙච්චර වද දීපු මගේ මුණ බලන්න එපා.
එත් මම බොරු ආදරේ කලේ නැහැ සුදු ඔයාට. මම ඔයාව දුකේ දාන්න හැදුව නෙවේ. ඔයාට මාව මතක තියේවිද බබා? පොඩ්ඩක් හරි? අමතක උනාට මම මෙච්චර ආදරෙන් හිටපු ඉන්න කෙනෙක්ට මගේ වෛරයක් නැහැ. මම දන්නවා මිනිස්සු හැමෝම තමන්ගේ දුක අඩු කරගන්න හදනවා. ඔයාගේ දුක අඩු කරගන්න ඔයා කරන කිසිම දෙයකට මම තරහ නැහැ. මම එෆ්බි එන්නේ ඔයාගේ මුහුණ බලල යන්න බබා. එකේ ඉතුරු ටිකත් ඔයා නැති කරාවිද කවදාහරි? තරහනම් නැහැ ඔයා එක්ක මොනවා කලත්. හැගීම් ඔයාට වෙනසක් වෙන එකකුත් නැහැ. උපන්දිනේ දවසේ බබා මම ඇත්තටමම යාලුවෝ එක්ක කාල ගෙදර යන්න පුළුවන් වෙන්න පීසා එකක් ඕඩර් කලා. ඔයා එකට රෙස්පොන්සේ කලේ නැහැ කිව්වා. මම දන්නවා වේදනාව. රිදවලා පීසා එකක් එවන්න තරමට පහත් මිනිහෙක් මම. ඔයා ඊයේ අම්මල එක්ක පන්සල් ගියාද? අනේ උපන්දිනේ දවසේ මම අවන්කවම පැතුවේ ඔයාගෙයි අම්මල තාත්තලගෙයි නිදුක් නිරෝගී සුව. අයේ ලියන්නම්. මේවා කවදාහරි දැක්කොත් කියවල බලන්න බබා. ඔක්කොම. මිට යටින් තියෙන පොස්ට් පවා. ඒ ඇරුනම මට ඔයාගේ උපන් දිනේ අමතක උනේ නැහැ බබා.

No comments:

Post a Comment