Tuesday 15 May 2018

මැයි මල්

හොදින් ඉන්නවා කියල හිතනවා. මැයි මාසේ. ගොඩක් ලස්සන කාලයක්. මව් දිනය පහුගිය දවසක තිබුනේ. එක මතක් වෙන්න අපේ අම්මල (ඔයාගේ වගේම මගෙත් අම්මල ) මතක් වෙන්න මම මෙහෙ පොල් ගස් දෙකක් හිටෙව්වා. හැමදේම විහිළුවක් වගේ තමා මම කියන ඒවා. එත් එහෙම කලා. මට මතක් උන නිසා. හැමදාම හොඳ දෙයක් කරද්දී මතක් වෙනවා. ඔයා මම මුලින් වැඩ කරපු තැනින් එන්න දවස් කීපයකට ඉස්සරවෙලා ගහක් හිටවපු වෙලාවේ ඔය කිව්වා මතකයි ඔයා යන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියල. මේ මාසේ කොච්චරනම් විශේෂ දේවල් තියේවිද. මැයි මාසය ඔයා ගොඩක් කැමතිම එකක් කියල මම දන්නවා. වෙන් වෙලා ඔයාට මාව අමතක වෙලා යන කාලෙකත් මට ඔයාව ගොඩක් මතක තියෙනවා. යම් දිනක මම දන්නවා ඔයා නිල වශයෙන්ම මාව අමතක කරනවා කියල. එත් මම වෙන ජිවිතේක හරි ඔයාව හමු වෙනවා. අපි ඉස්සර ඉන්ටෙර්නෙට් එකේ යාලුවෝ වෙනකොට මගේ යාලුවෝ අතරෙත් ඇහුන කතා මතක් උනා. බබා එයාල සමහර කියපු ඉරිසියා කතා මම ඇහුවේ නැහැ. මම දන්නවා ඒවා කඩවන්න කියපු කතා. මම ඒවා මත්තේ ඉඳල කවදාවත් ඔයා ගැන හිතුවේ නැහැ. හැබැයි සමහර යාලුවෝ මම තේරුම් ගත්ත කෙතරම් නරකද කියල. හැබැයි කවදාවත් හිතන්න එපා මම ඒවා මත්තේ ඉඳල තීරණ ගත්ත කෙනෙක් කියල. මම තවම හවස හතරට කරන දෙයක් තියෙනවා? මතකද? ඉතින් හවස හතරට හැමදාම මට ඔයාව මතක් වෙනවා. මම එත් අයේ ඔයාට දුක් ගෙනෙන්නේ නැහැ. මාව අමතක කලත් හිතක කවදාවත් තරහ නැහැ. හැමදාම මතකය තියාගෙන ඒක මම පාඩම් කරනවා. මතකද රණ්ඩු උනා ටෙලිපොන් නම්බර මතක නැහැ කියල? මම මගේ ඇතිතේ පාඩම් කරනවා. හැමදේම මට වටිනවා. ඔයා මේ අදුරු කාලේ අමතක කරලා දාන්න බබා. කමක් නැහැ. මම මොන ලෝකෙක හරි අයේ හමුවේවි ලස්සන වසන්තයක. මගෙන් පළිගන්න අමතක කරන්න එපා. මේ උනදේම මටත් කරන්න. මම අයෙත් වාරයක එන්නම්. අපි වෙන් උනාට අපේ මතක සංසාරේ පුරාවටම තියේවි. සංසාරේ කියන්නේ හමුවීම් වෙන්වීම්. අපි අනතවත් මුණගැහිලා ඇති බබා. මම අයේ මුණගැසෙනවා අපි මෙවතාවේ දුරස් වෙලා ගියත්. මුළු ලෝකෙම මට කියන්නේ අත්මර්තකාමිය කියල. එත් එහෙමනම් එහෙම මිනිහෙක්නම් ඇයි මගේ හිතේ වේදනාව තවම තියෙන්නේ? මම ඔයාව මේ දුක් ගගක් මැදින් ගෙනිච්චේ නැහැ. ඔයා සතුටින් ඉන්න බලන්න. මම දන්නවා අමාරුයි කියල. එත් කොහොමහරි. පුලුවන්නම් අපේ අවසාන පොරොන්දු කියපයක් තිබුන. ඒවා බදී නොයත්වා කියල මම පතනවා. 

No comments:

Post a Comment