Wednesday 9 May 2018

ඔබේ සිනහ ළඟ සිත නැවතුනා.

කල් ගෙවිල ගිහින් මැයි මාසෙත් ඇවිත්. මම ඔයාගේ අතින් බත් කෑව දවසක්. හරිම රසයි. ඒවා මගේ ජිවිතේ පුජනීයම මතක ගොනුව. මම දෙයක් කරන හැම වෙලාවේම මට ඒවා මතක් වෙනවා. මම බොරුවක් වගේ උනත්. මට ආපු හැගීම් වල ආදරය තිබිලම නැතිද? මතකයි ඔයා හදපු මගේ වෙබ් පේජ් එක. ඒවා ඩිලීට් කලාට මම තරහ නැහැ බබා. මම ගැන හොඳ මතක අඩු ඇති. එත් නැතුවම නෙවේ කියල මම හිතනවා. ඔයා දීපු තීන්ත පෑන මතකද? අදත් බැග් එකේ. ලියන්න ලෝබයි. මගේ ලස්සනම තෑගි. කෝටියක් දෙනවා කිව්වත් දෙන්නේ නැහැ ඒවා. ඔයා ලස්සනම ලස්සන ෆොටෝ එකක් දාල තිබුන ඉන්ටෙර්නෙට් එකේ. ඔයා තවමත් දානනේ අර මාලෙමද? මුදුනම් ඔයා ඒ දවස් වලම කිව්වා පාවිච්චි කරන්නේ නැහැ අයේ ඒවා රත්තරන් උනත් කියල. රත්තරන් උනත් නැතත් ඒක නැති කරගන්න විසි කරන්න එපා. මම දන්නවා ඔයාට ඒවයෙන් එන්නේ වේදනාව විතරයි කියල. පුලුවන්නම් නොපෙනෙන තැනක හරි ඒවා තියල තියන්න. මතකද මම කිව්වා මම කොම්පුටෙර් විද්‍යාවත් ඉගෙන ගන්නවා කියල? ඔයා කිව්වා අනේ කොම්පුටෙර් ගැනනම් කතා නොකර ඉම්මු කියල. මම ඩෙනිමක්වත් ඇඳපු නැති මිනිහෙක් බබා ඔයාව හමු වෙන්න ඉස්සරවෙලා. මට බැරි කමකට නෙවේ. එත් මම ලස්සනක් ගැන හිතුවේ නැහැ. ඔයා එහෙම වෙනසක් කලා. ඔයා පින්තුරයක් දාල තිබුන අහක බලන් යන්නේ ඔයා දිහා බලල දුක් වෙන්න බැරි නිසා අයෙත් කියල. ඔව් මම දන්නවා ඒක. ඔයා කවදාහරි මගේ මේ ලියපුවා කියෙව්වොත් බබා තේරුම් ගන්න අහක බලන් ගියාට මම තරහත් නැහැ වෛරයකුත් නැහැ. මම කොහොමද වෛර කරන්නේ. එත් මම හැමවෙලාවෙම බලන් ඉන්නේ කියල මතක තියා ගන්න. නරකක් කරන්න නෙවේ. මට එහෙම ඕන. මම මේ වාරයේ මෘගයෙක් උනත්. ලබන වාරේ හොඳ මිනිහෙක් වෙයි. එත් කර්මය අනුව බොහෝවිට ඔයා මාව පන්නල දාවි ඒ වතාවේ. එත් මම අයෙත් ඒවි. මම හැමතැනම ඉඳීවි. අපි කොහේදී හරි කොයි කාලෙක හරි අයේ හමු වේවි. මම වෙන් උනත් මම කවදාවත් ඔයාට වෛරයකින් නැහැ බබා. මට බැරි උනා ඔයාව දුක පාරක යවන්න. මම දන්නවා මම වගේ යක්ෂයෙක්ට සන්තුවරයෙක්ගේ දේ තිබිල නැහැ. එත් මගේ හිතට ආවේ ආදරේ නෙවේද? ඔයාට කවදාහරි මාව සම්පුර්ණයෙන්ම අමතක වෙයි. එත් මට එහෙම වෙන එකක්නම් නැහැ. කමක් නැහැ ඒවා මට දඩුවම් වෙයි. මම ඒවා ඔක්කොම පිලිගන්නවා. කවදාහරි ඔයා මම ගැන මතකයක්වත් මොකටද කියල හිතන කාලයක් තියෙනවා. මම දන්නවා. මම දුක් නැහැ බබා ඒවා ගැන. ඔයාට හොඳක්ම වෙන්න ඕන. මුළු ලෝකෙම කියන්නේ මට ආදරේ හිතේ තිබුන නැති මිනිහෙක් කියල. සින්දුවක් ඇහුවත් එකේ එහමමයි. මම ලෝකේ පුදුම මිනිහෙක්. පුදුම ආත්මාර්ථකාමී ආදරයක් කරපු කෙනෙක්. මිනිස්සු අඬවා මම ගිහින් තිබුනේ මම ආදරේ නොදන්නා කෙනෙක් නිසා. එත් මම කවදාහරි අයේ හොඳ තැනක හොඳ මිනිහෙක් වෙයි. ඔයත් ඒකට හේතුවක් වෙයි. සුන්දර හැගීම් හිතටම දැනුනම අපි වගේ යක්ෂයෝ මෘගයොත් ආදරේ කරන්න උත්සහ කරන්න ඇති. ඒ එහෙම වෙන්න ඇත්තෙත් ඒවගේම දේව දුතියන්ටම වෙන්න ඇති. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment