Saturday 26 May 2018

ලස්සනයි -II

ඔයා හොඳින් කියල හිතනවා බබා. සතෙක් වගේ කෙනෙක්ට උනත්, සතෙකුට උනත් දුක දැනෙනවා බබා. ඔයා සමහර විට හිතනවා ඇත්තේ ඔයාව දුකට පත් කරලා මම ගියා කියල. එත් එක සම්පුර්ණයෙන්ම අත්තක් නෙවේ. මම ඔය කොච්චර දුක් විඳිනවා ඇත්ද කියල මැරී මැරී උපදිනවා. හැමදාටම එහෙම වේවි. මම කොහොමද ඔයාව අමතක කරන්නේ? අමතක කරන්න ඕනත් නැහැ. අමතකත් නොවේවා කවදාහරි මම ඉවරයක් වෙලා යනකන්ම. මට ආදරේ හිතුන එක වරදක් කියල මට දැනුනේ නැහැ බබා. ආදරේ දැනුන මටත්. මමත් ආදරේ කලා. මම ඔයාට බැනල තියෙනවා ඔයාගේ බොරු ආදරේ කියල. එත් මම දැනන් හිටිය මට දැනුන ඔයාගේ ආදරේ. මම ආදරේ කලා කරනවා කරාවි. ඔයාට දැනුනේම නැද්ද? මම දැන් එෆ්බි එවෙන්නේ නැහැ බබා. එත් මම හැමදවසේම වරක් ඇවිත් ඔයාගේ පින්තුරේ බලල යනවා. මම දුන්න දුක ගැන මතක් වෙලා දුක් වෙනවා. එනිසා ඔයා විඳවනවා මතක් වෙලා අපහු දුක් වෙනවා. අස්පියාගෙන නින්දට බොරු කරනවා. මම මෙච්චර නරක එකෙක්නම් ඇයි මම මෙහෙම වෙන්නේ? ඔයා කිව්වට මම වාසි ගන්න ආපු එකෙක් කියල මම එහෙම නැහැ බබා. මට වාසි ඕන නැහැ. කවදාවත්. ඔයා සමහර කරපු ඒ චෝදනා පපුවේ අනිල තාම කැක්කුම් දෙනවා. එත් මම දුන්න දුකත් එක්ක බලද්දී මේවත් වේදනාද කියල මම ඔහේ ඉන්නවා. අදත් නිදි නැහැ. ඊයේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ ලස්සන පින්තුරයක් දැක්ක බබා. ඔයා ලස්සනයි. මට ඔයා කවදාහරි එකත් නැති කරයි. එත් මම තරහ වෙන්නේ නැහැ. හැමදාම ඔයා මට මැවිලා පෙනෙනවා. ඔයා හොඳින් ඉන්න. මම අයේ කවදාවත් දුක් දෙන්නේ නැහැ. මට ඕනෑම දුකක් දීල දඩුවම් කරන්න. එත් සමහර පොරොන්දුනම් කඩන්න එපා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment