Friday 25 May 2018

ලස්සනයි

ඔයාගේ ප්‍රොෆයිල් එකේ අලුත් පින්තුරයක් මම දැක්ක බබා. ඔයා ගොඩක් ලස්සනයි එකේ. ඔයා හොඳින් ඇති කියල හිතනවා.  මම තවම ඔයාගේ ප්‍රොෆයිල් එක බලල යනවා(අනේ මම කරදර කරන්නේ නැහැ බබා කවදාවත්. තුන් හිතකින්වත්.බයවෙන්න එපා.)
දුක් වෙනවා ඇති මෘගයෙකුට ආදරය කරපු එක ගැන. මම තවම ඔයාගේ පිටුව දිහා බලල යන්න එනවා බබා. බබා මම ඔයාව ඇත් කලේ-
මට ඔයාට තව දුක් දෙන්න බැරි නිසා. මම ඔයාට හිතේ තිබුන ආදරේ තියේවි. බබා මට ආදරේ හිතුන එක වරදක්ද? බබා ඔයත් කවදාහරි වෙන කෙනෙක්ගේ අත ගත්ත දවසක මාව තවත් මෘගයෙක්ම විදියටම පෙනේවි. මගේ මෘග කම වැඩි වෙලා පෙන්වී ඔයාට. දුහුවිල්ලක් වගේ අමතක වේවි. එත් කවදාහරි දවසක බබා මේක කියෙව්වොත් තේරුම් ගන්න මිනිස් නොවුනත් මම මෘග උනත් මමත් ආදරේ කරපු කරන බව. මට අදරය දැනුනු එක වැරදිද රත්තරන්? බබා වෛර කරන්න මට. මටනම් ඔයා මට මොනවිදියකට  ගැහුවත්, මොන විදියකට රිද්දන්න හැදුවත් වෛර කරගන්න, තරහක් ගන්න බැහැ ඔයාට විරුද්දව. ඇයි? කමක් නැහැ මට රිද්දවන්න. මේ රිදීම් මොනවද මම රිදපු ඒවාට. නේද? බබා මම ඔයාට ඉස්සර බැන්න මතකද? ඒවානම් බබා මම ආදරේ නිසාමයි. වේදනාව උහුලගන්න බැරුව කියපු වචන බැනපු වදන් බොහොමයි. බබා මගේ හිත තවම ඒවා වෙනුවෙන් වේදනා දෙනවා. හැමදාම වේදනා දේවි. ඔයාගේ උපන් දිනේ දවසේ මට තරම් ඔයාව මතක් නොවෙන්න ඇති බබා ඔයාගේ අම්මට තාත්තටවත්. අනේ මම දුරින් හරි ඉන්නවා. මම බොරු මයාවක්ම නෙවේ. හැමදේම බොරුවනම් ඇයි මට මෙහෙම හිතින් වේදනා දැනෙන්නේ? කියන්න බබා. කමක් නැහැ. මම ගොඩක් ඔයා ගැන හිතපු, හිතන බව කවදාහෝ තේරුම් ගන්න. මම මගේ ආත්මේ, මතු ආත්මෙකවත් ඔයාට වචනේකවත්, හිතුවිල්ලකවත් තරහක් නැහැ. හැමදාම ඔයා ගැන මට එක සිතිවිල්ලයි තියෙන්නේ බබා. හොඳින් ඉන්න. බබා ඔයා මට මේ ඔයාව පෙනෙන ටිකත් කවදාහරි නැති කරලා දාවි. එදාට මම හිතින් හරි ඔයාගේ පින්තුරේ මවාගන්නම්. නින්ද යන්නේවත් නැහැ. හැමෝම හිතන්නේ මම සතුටෙන් කියල.

No comments:

Post a Comment