Saturday 19 May 2018

හොඳින් ඉන්න රන්දිය දහර.

පුදුම දවසක් අද. සතුටු වෙන්න හේතු හොයා හොයා. හිත හඩනවා. ඔයා අද පන්සල් යයි නේද?
මම ඉතින් ඔයාව මතක් කලා. හිතේ මම නිසා දුක් තියා ගන්න එපා බබා.
මම වගේ මින්හෙක් වෙනුවෙන් දුක් වෙන එක කොච්චර නම් වැඩක් නැති දෙයක්ද?
මම මෘගයෙක්. මම වගේ මිනිහෙක් ඔයා වෙනුවෙන් කල දෙයක් නැහැ.
ඔයා කවදාහරි දිනක මේක කියෙව්වොත් තේරුම් ගන්න මම ඔයාගේ උපන්දිනේ දවසේ ඔයාව ගොඩක් මතක් කලා කියල.
ඒ මොකුත් වාසි ප්‍රයෝජන බලාගෙන නෙවේ. ඇසේ කඳුලකුත් එක්ක. ලෝකේ පුදුමම ප්‍රේම කතාව, දුකම කතාව අපේ එක වෙන්න ඇති.
එකේ ප්‍රධාන නළුවා වගේම සහාසික දුෂ්ටයත් එකම මිනිහෙක්. ඒ චරිත දෙකටම අවසානය දක්වා ආදරේ කරපු ඔයා දේවතාවියක්.
අනේ බබා හොඳින් ඉන්න. මගේ අන්තිම පොරොන්දු කීපය නිහඬවම තියන්න.
මම ඔයාට මේ ජිවිතේ අයේ වද දෙන්නේ නැහැ. මට ඔයාට දුක් දෙන්න බැහැ.
මම අයේ ඒවි ඔයා ලගට කවදාහරි හොඳ මිනිහෙක් වෙලා.


No comments:

Post a Comment