Thursday 17 May 2018

ලස්සන දවසක්.

මට ඔයාට අයේ රිද්දවන්න ඕන නැහැ. එත් මාව අමතක කරන එක හොඳයි. අපි එක් නොවුනත්. මම දන්නවා වැරදි කලේ මම කියල. මම දුරින් ඉන්නේ. කවදාවත් ලංවෙන්නේ නැහැ කරදරයක් වෙන ගානකට. කවදාවත්ම නැහැ. මම නිහඬව ඉන්නේ. අපි අපේ නොවුනත් මේ වතාවේ විතරයි. මම දුරින් ඉන්නවා. ලං වෙන්නේ නැහැ. මීට වඩා ඈත්විමකුත් නැහැ මම හිතන්නේ. අපි එකතු නොවුනත් මම ඉන්නවා අහසේ හැම දේටම උඩින් ඉන්න වලාකුලක් වගේ. නැත්නම් හැමදේටම උඩින් ඉන්න ඉර වගේ. හොඳින් ඉන්න. මැයි මාසේ මතක ගොඩයි. මම අද මෙහෙ අරලිය ගහක් හිටෙව්වා. හැමදේම මතක. මාව අමතක කලාට මම තරහ නැහැ. එකයි කරන්න ලේසිම දේ හා එකයි වේදනාව අඩුම විදිය. ඉතින් එක කරන්න. මට උනේ ආදරේ හිතිමයි. මට එකට සුදුසුකම් නොතිබුනත්. හ්ම්ම් සෙනසුරාදා දවසේ අපි මොනවා කරාවිද ඒක අපේ දවසක් උනානම්. 18 කියන්නේ ලංකාවේ ජයග්‍රහණ දිනය. ඊට පහුවදා කියන්නේත් ලස්සන දවසක්.

No comments:

Post a Comment