Saturday 19 May 2018

ඔබේ උපන් දිනය දින

ඔයත් එක්ක ගියායින් පස්සේ බබා මම අයේ තවමත් ෆිල්ම් හෝල් එකක පස් පෑගුවේ නැහැ.
වුල්වරින් ගේ ෆිල්ම් එක බැලුව මතකද? මතකද බබා මම අදින්නෙම ෆොමල් ඇදුම් කියල ඔයා මට එක එක ඒවා කිව්වා (තරහ නැහැ ඒවාට. ඒත් ඒවා මගේ වටිනාම මතක) මම අයේ යන්නේ නැහැ බබා ඒවාට ෆිල්ම් බලන්න. මටත් දුක දැනෙනවා. මමත කුඩුවක වගේ තමා ඉන්නේ. මම පිස්සෙක් වගේ බිව්වේ බබා මගේ වේදනාව වහ ගන්න. ඔයාව දාල ගෙදර යන ගමන් මම යාලුවෙක් ගේ ගෙදර යනවා මතකද? බබා මම එහෙදි බිව්වා. මම ඒ හැම ගමනේම ගොඩක් දේවල් හිතේ දරන් ගියේ සුදු. මම ඒ වේදනා වලට එහෙම උත්තර දුන්නේ. මම වැරදි තමා. එත් මම හිතක් පපුවක් නැතිවම නෙවේ. මටත් දුක දැනෙනවා. අනේ මම ඔයාව පැන්නුවේ වෛරෙකින් නෙවේ. මම ඉන්නෙත් දුකෙන්. මම වෙන් උනේ ඔයාට වේදනා දෙන්න බැරි නිසා බබා. මම දන්නවා මේක කියවනකොට ඔයාගේ ඇඟේ මාළු නටයි මම කොච්චර සක්කිලි මිනිහෙක්ද කියල. එත් බබා හිතන්න එපා මෘගයන්ටත් හිතක් පපුවක් නැහැ කියල. මම මොන වර්ගේ මෘගයෙක් උනත් මමත් ඔයාට ආදරේ කලා. මම කරපු ආදරේ ඔයාට දැනුනේම නැද්ද බබා? පිස්සුවෙන් වගේ මම හිටපු දවසක් 19 වෙනිදා මයි මාසේ 2018. රත්තරන්ට දිගාසිරිම ලැබෙන්න ඕන. අනේ මගේ පොරොන්දුව කඩන්න එපා. මට වෛර කරන්න කමක් නැහැ බබා. මම සමාව ලබියයුත්තෙක් නෙවේ. මම සහසිකයෙක්. අවන්කවම කියන්නේ. මට මාවම අප්පිරියයි. අනේ හොඳින් ඉන්න බබා. මම මටම වෛර කරනවා. මම දවස් කීපයකට පෙර හීනයක් දැක්ක බබා, එකේ මමම අසනීප වෙලා දොස්තර මහත්තයා කියනවා හාර්ට් එක පුපුරලා කියල. මම වගේ හිත රිද්දපු මිනිස්සුන්ගේ අවසානය ගැන ඒක පෙර නිමිත්තක් වෙන්න ඇති. අයේ ලියන්නම් බබා.

No comments:

Post a Comment