Friday 22 March 2019

2nd post of the day

මේක ලියන්නේ ඔයා රාත්‍රී ආහාරය ගන්න ගිහින් ඉන්න වෙලාවක. මට ඉතින් ඔයාව නිතර-
මතක් වෙනවා කියන එක කට පුරාම හැම වෙලාවේම කියන්න පුළුවන්. එත් මාව ඔයාට-
මතක් වෙනවද? නොවුනට තරහක් නැහැ. මම දන්නවා වේදනාවක් මතක් කර කර හිත පාරගන්න ඔයා කැමති නැහැ කියල.
මම දන්නවා ඒ විතරක් නෙවේ මට දැනුන මම ඔයාගේ මතකයෙන් අයින් වෙලා යන හැටි. මට ගොඩක් දුකයි බබා.
මම ඔයාව ඉතින් මුළු ජීවිතේම මගේ ඇතුලේ තියාගන්නම්. මට මේ ලෝකේ හමු උන හොඳම කෙනා ඔයා බබා.
මේක කිව්වම ඔයා කියයි තමුසෙට කීදෙනෙක් හමු උනාද කියල. හමු උනා ගොඩක් නැහැ. හැමදෙනා ගැනම ඔයා දන්නවා.
හිත නතර උනේ ඔයාගේ ළඟ. මම වැරදියි කියල ආයෙත් අහන්න දෙයක් නැහැ. වැරදි තමා. එත් මම ඔයාට ආදරේ කලා.
හැමදාටම ආදරේ කරනවා. මගේ හිතේ ආත්මාර්ථය, කුහක කම නම් තිබුනේ මට ඔයාව මෙහෙම මතක් වෙයිද? මම ඔයාගැන-
මෙපමණ හිතයිද?
මේ ජිවිතේ ලස්සනම දෙයක් උනානම් මට ඒ ඔයාම තමයි. මම දන්නේ නැහැ බබා මට උදේ ඉඳල හවස නින්දට යනකන්ම මතක් වෙනවා.
බනින්න බොරු කාරයා කියල. මම දන්නවා ඔයා දැන් හිතත් ගල් කරගෙන ඇත්තේ කියල. මමත් ඔයාට ගලක් වගේ හිටිය. මට මතකයි.
මගේ හොඳ දෙයක් තිබුනෙම නැතිද බබා?
අද දවසට ලියන දෙවැනි වතාව. මම ඔයාව හිතේ තියාගෙන ඉන්නම් ජිවිතේ පුරාම බබා. මගේ හිතේ ආදරේ ඔයා වෙනුවෙන් හැමදාම තිබුන කියල මතකයට ගන්න. මම දන්නේ නැහැ කවද කුමන විදියට දේවල් සිද්ද වෙයිද කියල.

No comments:

Post a Comment