Sunday 17 June 2018

ඔබට.

එම්සී එක ලගින්, ආර්කෙඩ් එකලගින්, ටොරින්ග්ටන් වලින් අද මම ගියා.
මට පෙනුන බබා අපි අත් අල්ලාගෙන ඇවිදිනවා. මතකද මම මොකක්හරි කියපු දෙයක් නිසා හෝ රිද්දපු එකක් නිසා-
ගහක් යටට වෙලා ඔයා ඇඬුවා? මට එතන පෙනෙන මානයේ. මට අයෙත් ඒ කාලෙට යන්න උනා. වේදනාව, සන්තොසය-
ඔයා මම අපේ ආදරය. ඔයා මට දහස් වතාවක් බනින්න රත්තරන්. එත් මම ඒවාට සුදුසුයි. ඔයා මාව කැලි කරලා දැම්මත් කමක් නැහැ.
මම ඉන්නේ සතුටින් නෙවේ. සතුට මගෙන් ගියේ ගොඩක් කාලෙකට කලින්. ඔයා ඒක මට දුන්නා. ඔයා මගේ ජිවිතයට ආපු සුරන්ගනවියයි.
මම ඒ සෑම දෙයකම වේදනාව උණු වේදනාවේ උල්පතවගේ බබා. එත් මට ඔයාව තවම මතක් වෙනව. මම ඒ මතක වලට කැමතියි.
මට ඒවා අමතක කරන්න ඕන නැහැ. මට ඒවා සදාකාලිකවම ඕන. මම ඒ මතක ලෝකේ තවම ඉන්නවා. හැම ලෝකෙම මම ඉන්නවා බබා.
මම දන්නවා මම පැනල ගිහින් විකාර කියවනවා වගේ. බබා මම ඔයාව මට දෙන්න තිබුණු ඇතැම් වේදනාවලින් අයින් කලා. මම දන්නවා බබා ඔයා ඉන්න වේදනාව. මට නින්දක් නැත්තේ ඔයාගේ වේදනාව නගන හඬ නිසාම වෙන්න ඕන. ඒක මගේ හදවතට දැනෙනවා මගේ රත්තරන්. මම දුෂ්ටයෙක්නම් ඇයි මට වේදනාව දැනෙන්නේ? මම තවම මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන මගේ ආදරය වෙනස් කරලා නැහැ. කරන්නෙත් නැහැ. කරන්න ඕනත් නැහැ. කවදාහරි මම ඔයාට අදරෙන්ම ආයෙත් එනවා ඔයාව හොයාගෙන. ඔයා මුලින් මාව පන්නල දැම්මත් පස්සේ කාලෙක හරි මාව පිලිගන්නවා නේද? අපි ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට වතුර අරන් දුන්න මතකද? අපේ අත්වලින් ආදරේ නාමෙන් සෙතක් වෙලාම නැහැ කියන්න බැහැ. අපේ ආදරේ තිබුන. මුළු ලෝකෙම මට බොරුකාරය, මෘගය කියල ගෝෂා කලත් මම මගේ ආදරේ හිතේ තියන් කල්පයක් ඉඳල හරි එනවා. හොඳින් ඉන්න රත්තරන්, තෙරුවන් සරණයි ඔයාට.

No comments:

Post a Comment