Friday 22 June 2018

මතක ගං ඉවුරේ

මම දන්නවා, මට හිතෙනවා මාව දැනටමත් අමතක කරන ඔරුවේ පාකරලා ඇරලා කියල.
මම මේ මතක ඉවුරේ රැඳිලා ඉන්නවා. හැමදාම. මේ මතක ගංගාවේ හැම වතුර බින්දුවකම අපේ මතක රන්දිල තියෙනවා. හැමදාටම.
මම කෙතරනම් නරක උනත්. ආදරේදී වේදනාව දැනෙනවා. ඔයා වේදනා විඳිනවා දැනිලත් මම වේදනා විඳිනවා.
කෙතරම් නරක යයි කිව්වත් නරක දෙයක් තුල හොඳ දෙයක් තිබෙන්නම බැරිද? මුළු ලෝකෙම නැහැ කිව්වත් මගේ හිතේ ආදරේ තිබිලම නැද්ද?
හඳේ ආවට තියෙන කාන්තාර භූමියක් කිව්වත් කවියෝ හඳේ ලස්සනක් දැකලම නැද්ද?
ගහක කොලක සුන්දරත්වය සතෙක් නොදැක්කත් වනගත මිනිසෙක් වනයකට පෙම් නොබැන්දාද?
නෙල්ලි ගෙඩි තිත්තයි කිව්වත් එකේ පැණි රසක් තිබිලම නැද්ද? මුළු ලෝකෙම ආදරේ නැහැ කිව්වත්, බොරු කිව්වත් මගේ හිතේ ආදරේ තිබිලම නැද්ද?
මහා ජන ගඟක් මැද්දේත් තනිකම නොදැනුනු අවස්ථා නැද්ද? මහා ගංවතුර ගැලුනත් වැස්සකට අසාවෙන් මිනිස්සු ඉඳල නැතිද? මට ආදරේ තිබිලම නැතිද? මම ආදරේ කරලම නැතිද?
මට හිතෙනවා බබා මම දැන් ඔයාගේ හිත ඇතුලේ ඇත්තෙම නැහැ කියල. එත් ඔයා මගේ හිත ඇතුලේ හැමදාටම ඉඳීවි.
මාව අමතක කලට මම තරහ නැහැ. මම එක මට ලැබෙන දඩුවමක් විදියට සලකන්නම්. ඒත් විඳගෙන ඉන්නම්.
මම හැම දවසකම අපි මතක අඩි පාරවල් උඩින් පිය මනින්න්නම්. මම ඒ උයන ඇතුලෙම හිඳින්නම්.
හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment