Friday 8 June 2018

ගොඩක් මහන්සියෙන්

ඔයා හොඳින්ද රත්තරන්? අද මේ ලියන්නේ පැය 48 ඩියුටි එකක් ඉවර කරලා.
ගොඩක් මහන්සියෙන් උනත් මගේ හිතේ ඔයාව මැවෙනවා බබා. මම නිතර මතක් කරනවා.
මතක් උනා ඔයා ලස්සනට කියන සින්දු රෙකොර්ඩ් කරලා මට එවපු හැටි. මම ඒවාට ගොඩක් ආදරෙයි බබා.
ඒවගේම තමා මගේ හිත දන්නවා මම කාටද ආදරේ කියල. මම තවම එහෙම තමා. මම කොහේ හිටියත් මගේ හිතේ තියෙන දේ-
නවත්තන්න බැහැ. මම කොච්චර නරක උනත් මටත් ආදරේ දැනෙනවා. මමත් ආදරේ කරනවා. මේ සංසාරේ පුරාවට මම එහෙමම ඔයාට ආදරේ කරනවා.
මම වැරදි උනාට බබා මම ඔයාට රිද්දන්න හිතුවේ නැහැ. රිදවීම වැඩිවෙන එක වලකා දැමුවා. ඔයා මාව අමතක කරලා මාව මතකයෙන් ඈත් කරපු දවසක, මකලා දමපු දවසකුත් එයි. මම කොච්චර වේදනාවක් උනත් ඒක දරාගන්නම්. මම රිද්දපු ඒවාට මටත් රිදෙන්න ඕන. එත් මම ඒ මතක පිටු අතරේ හොරෙන්ම ජිවත් වෙන්නම්. ඒ සුවද හැමදාටම තියේවි මගේ හිතේ. අනේ මගේ රත්තරන් ඔයා පරිස්සමෙන් ඉඳීවි කියල මම පතනවා. මොනවා උනත්, කොහොම උනත් ඔයා නැති ලෝකෙක මට ඉන්න බැහැ. මම හැමදාම දුරින් හරි ඉඳල ඔයා දිහා බලන් ඉන්නවා බබා ආදරෙන්. මම මෘගයෙක් උනාට මමත් සුරංගනාවියෙක්ට ආදරේ කලා, කරනවා කරාවි. මට ඔයා බනිවි. බනින්න නෙවේ ඔයා මාව හමගැහුවත් මම තරහ නැහැ බබා. මම හැමවිටම ඔයාව මගේ මතකයේ, හදවතේ තියාගෙන ඉන්නවා. හොඳින් ඉන්න රත්තරන්. පොරොන්දු කඩන්න එපා. තෙරුවන් සරණයි මගේ ආදරේ හැමදාම.

No comments:

Post a Comment