Saturday 30 June 2018

සැමදා ඔබගැන සිතමින්.

ඔයා හොඳින් ද මගේ රත්තරන්? ඔයාව ගොඩක් මතක් වෙනවා. මට ඔයාව මතක් වීම වරදක්ද?
මට ඔයාව මතක් වෙන එක වැරදිද බබා? මම මොනතරම් නපුරෙක් උනත්. මම මොනතරම් නරක උනත්-
හිතකට ආදරේ දුන්න උණුසුම අමතක වෙනවද? අත් අල්ලාගෙන එකට ඉග්‍ය හැටි අමතක වෙනවද?
ආදරේ මෙච්චර දුනු ඔයාව මම කොහොමද අමතක කරන්නේ? ඔයා මව අමතක කරලා ඇති. එත්-
මට එහෙම බහ බබා. මම තවමත් අපේ ලෝකේ ඇවිදිනවා. මල්පිපුනත් නැතත් උද්‍යානයක් උද්‍යානයක්ම තමයි.
අපේ මතකත් ඒවගේම තමයි. මල් පිපුනේ නැහැ කියන්නේ නැහැ බබා. මම නරක ආත්මයක් ලැබුවත් අයෙත් ඔයාව හොයනවා.
මට මතක් වෙනවා මගේ ලඟට අව නිහාල් කියල මිනිහෙක්. ආදරෙන් පැරදිලා. අපි ආදරෙන් පැරදුන නෙවේ බබා. අපිට වැරදුන වෙන්න ඇති.
එත් මම කියන්නේ නැහැ වැරදුන කියල. මොකද අයි වරදුනනම්. හෝ මම වගේ නපුරෙක් ඇවිත් වැරද්දුවනම් මගේ හිතේ තවමත් ආදරය තියෙන්නේ?
එහෙම වෙනවද? හෙම වෙන්නේ නැහැ බබා. හැම දෙකම මට තවම අපේ සුවඳ දැනෙන්නේ. මතක ඔයාට අපි ඇවිදපු හැටි. අපේ හිතේ වෛරයක් තිබුනද බබා?
මම දන්නවා ඔයා මව අමතක කරලා කියල. එත් මම මගේ හිතට තිබ්බුනු එකම සිසිලස අමතක කරන්නේ නැහැ. අමතක කරන්න බැහැ. මම පහුගිය දවස් ටිකේම අසනීපෙන් හිටියේ. ලියන්න පරක්කු උනා. වෙනදටනම් මහා ර නින්ද නැතුව ඉන්නවා ඔයාව මතක් කර කර. මම වේදනාව වැඩි නිසාම නිදියන බෙහෙතක් බිල නිදියනවා. ඔය හොඳින් ඉන්න රත්තරන්. හදවත කියන එක දිරන දෙයක්. එත් මගේ හිත හැමදාම ඔය වෙනුවෙන් තියෙනවා. අපි හමු උනේ නිකන් නෙවේ. මම සන්සරේම ඉන්නවා. මම යේ හොඳ කෙනෙක් වෙන්නම් මගේ වස්තුව.

No comments:

Post a Comment