Thursday 14 June 2018

සැම දවසෙම ඔයාව මතක් කරමින් සිටිමි.

ඔයා හොඳින්ද? මම අදත් නිදියන්න අමාරුවෙන් ඉන්නේ බබා.
මතකද මට පපුවේ කැක්කුමක් ආව දවස? ඔයත් ගොඩක් බය උනා.
හැමදේම එහෙමයි.
මට ඔයාව නිතර මතක් වෙනවා. ඔයා මාව අමතක කරන්න හදනවා ඇති.
ඒ නිසාමද මට මෙතරම් ඔයාව මතක් වෙන්නේ?
මම ඔයාට වේදනා දුන්නේ ඔයා වේදනා විදින්න ඕන කෙනෙක් නිසා නෙවෙයි බබා.
මට ඔයාව මගේ වේදනා මාවතේ තවත් ඇදගෙන යන්න බැරි උන නිසා.
මට මතකයි අපේ අවසාන වචන කීපය පටන් ගත්ත හැටි. ඔයා කිව්වා බබා ඔයා මට රිද්දනවා කියල.
මම දන්නවා බබා. මගේ ඇස්වල ඒක මතක් වෙන හැම වාරෙකම කඳුළු.
හැමදාම ඔයා මට ගොඩක් වටිනවා බබා. තවම මතකයි ඔය අත් දෙකෙන් මට කෑම කවපු හැටි.
මතකද කොළඹ දියත උයනේ ඇවිදපු හැටි? මට හැමදේම අදවගේ මතකයි. මම ඔයා එකපැත්තකින් මකල-
දමන ඇතිතේ ජිවත් වෙනවා රත්තරන්. ඔයා ඕන තරම් මට වෛර කරන්න. මම පෙරලා හැමදාම ආදරෙන් ඉන්නම්.
මට සාප කලත් මම දුක් වෙන්නේ නැහැ. ආදරේ නාදුනන මම වගේ මිනිහෙක්ට ඒක වියයුතුදෙයක්.
හෙට ඔයාට නිවාඩුද? ඔව් කියල හිතනවා. අම්ම තවම රස්සාවට යනවද බබා? එයාව පරිස්සම් කරන්න. එයාට ගොඩක් වැඩ කරන්න බැහැ. මම දන්නවා ඔයා ඒවා එයට පහදලා දෙනවා ඇති කියල. හැමදේම. මතකයි එයා මහන්සි වෙනවා වැඩි කියල ඔයා තරහින් ඉන්නවා.
එයාගේ ගැන නිතර බලන්න කියල පතනවා. මම ඇත්තටම හිතනවා බබා ඒවා ගැන. බොරු ආදරේ කියල ඔයා කිව්වට කමක් නැහැ. හැමෝම කියන්නේ එකයි.
එත් මම ආදරෙයි. හොඳින් ඉන්න බබා. අයෙත් ලියන්නම්.

No comments:

Post a Comment