Saturday 2 June 2018

සිතිවිලි අතර.

ඔයා හොඳින් කියල හිතනවා බබා. ඔයාව අමතක වෙන්නේ නැහැ මට.
මට අදත් ඔයාව මතක් වෙනවා. මම ඔයාව අමතක කරන්න උත්සහයක් ගන්නේ නැහැ.
අඩුමගානේ මගේ මතකේ හරි ඉන්නවා ඔයා මගේ ලගින් නැතත්.
මතක් උනා අපි නුවර, ජන්ගල් බීච්, හා බෙල්ලන්විල යන්න ප්ලැන් කරපු හැටි.
නියිට් එකක් කරන අතරේ එහාට මෙහාට දුවන ගමන් ලියන්නේ බබා. මම ඔයාට වේදනා දුන්නත්-
මම තුන් හිතකවත් ඔයා විඳවනවා බලන්න ආසාවක් තිබුනේ නැහැ. මම දන්නවා රත්තරන් මම කොච්චර නපුරුද කියල-
එකේ විඳවීම මම දැන්ම විදවනවා. මම රහක් කියල හිතාගෙන විදිනවා. ඔයා ඊට අමතරව දඩුවමක් දුන්නත් මම ඉවසන්නම් බබා
ඔයා අද ගෙදර ඇත්තේ. අම්මත් ගෙදර ඉන්න දවස. ඔයා මාව අමතක කරන්න උත්සහ කරනවා ඇති. එකමයි මට ඔයා මිනිත්තුවක්පාසා මතක් වන්නේ. අනේ ඒ නැතත් මම නිතර හිතනවා ඔයා ගැන. මාව ඔයා හමගැහුවත් මම තරහ නැහැ බබා. එහෙම කරලා මදි මට.
අද ඔය ගෙදර ඇත්තේ. අම්ම තවම යනවද වැඩට බබා? පරිස්සම් කරගන්න එයාව.
ඔයා කවදාහරි ඔයාගේ මැකීගිය, අමතකවී ගිය අතීතෙට මාව දාවි. මගේ සදාදරණීයම මතක ඒවයි. මම නම් මගේ මුළු ජීවිතේම ඒ කෙටි කාලය ඇතුලේ ජිවත් උනේ. ඒක මට කවදාවත් අමතක කරන්නත් බැහැ වෙන්නෙත් නැහැ. මතු ආත්මෙත් අමතක කරන්නේ නැහැ. මම හොඳ මිනිහෙක් වෙන්නම්. පොරොන්දු වෙන්නම්. හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි ඔයාට.

No comments:

Post a Comment