Tuesday 12 June 2018

අද රාත්‍රියේ.

මිනිස්සුන්ට උදව් කරලා ඔයාව මතක් කරනවා. දෙයක් උනානම් පින් ටික ඔයාටම හිමි වෙන්න ඕන.
මට හැම වෙලාවේම මතක්වෙන ඔයා වෙනුවෙන් කරනවා ඒක. මම ගොඩක් නරක කෙනෙක් උනත් මටත් සැකයක් තියෙනවා මගෙත් හොඳ ගති එකක් හෝ දෙකක් ඇති කියල. ඔයාව රිද්දල මම මේ පැලැස්තර දාන්න හදනවා නෙවේ බබා. මම මගේ වේදනාව විඳිනවා. විඳවනවා.
ආදරේ අදුනගන්න බැරි උන මිනිහෙක් වෙන්න ඇති මම. එත් මගේ ඇතුලෙත් ආදරේ තියෙනවා.
මම ඔයාව රිද්දවන්න අපු රාක්ශයද, බබා?
මට නිතරම මතක් වෙන්නේ, මට නිතරම ඇස් තෙත්වෙන්නේ, වේදනාව දැනෙන්නේ මම කලේ බොරු ආදරේ නිසාද?
මම දන්නවා මම ආදරේට පයින් ගහපු මෝඩ මෘගයෙක්. එත් මම ආදරේ කලේම නැතිද?
මම ගොඩක් වේදනාවෙන් ඉන්නේ. මම කැමති මේවා හැමදේම අලුතෙන් පටන් ගන්නවානම්.
එහෙම උනොත් කොච්චර හොඳද. මම දුන්න වේදනාවයි වැඩි. ඒ හින්ද මම ගහන ඕනෑම පාරක් ඉවසගෙන ඉන්නම්.
මම ඒ කරපු ඒවා ගෙවල ඉවරවෙලා කාලෙක හරි අයෙත් ඔයාගේ ලඟට දුවගෙන එනවා. ඒ වතාවේ ඔයාව මාව පන්නල දාවි හරියටම මම කලා වගේ.
එත් මම අයෙත් කාලයක් ඉන්නම් පෙරුම්පුරාගෙන බබා. හැමෝම කියන බොරු ආදරේ සංකේතය මම. එත් මමත් ඉන්නම් කල්පයක් උනත්.
අපි හමු උනේ නිකමටම වෙන්න බැහැ. වෙන්නෙත් නැහැ. ලොකු හේතුවක් ඇති. මගේ ඔලුවේ හැමවෙලාවෙම ඔයාව මතක් වෙන්නත් හේතුවක් ඇති.
මම මෘග උනත් සසර අපි හමුවෙලා ඇති. අයෙත් කාලෙක මම ඔයා ලඟට දුවන්නම් බබා. අයේ අයේ හරි එහෙම කරන්නම්. මම හොඳ ආත්මයක් ලබල තියේවි.
හොඳින් ඉන්න. අදත් නින්ද අඩු දවසක්.

No comments:

Post a Comment