Wednesday 13 June 2018

අපේ හිත්

මම අද 4.07 හවස් වරුවේ ඔරෝලොසුව දිහා බලාගෙන හිටිය. අනේ බබා මම නිකන් වචන ටිකක් කියනවා නෙවේ.
මම ඒ අතීතේ මතක් කරනවා. මම දන්නවා මම දුන්න වේදනාව නිසා ඔයා එක අමතක කරන්න හදනවා ඇති.
එත් රත්තරන් මම කොහොමද මගේ ආදරේ අමතක කරන්නේ මට වැරදුනත්? මම තවම ඒ මතක ඇතුලේ මාවම ජිවත් කරවනවා,
මට උවමනාවක් නැහැ සතුටින් ඉන්න ඔයා ගැන මතකය අමතක කරලා. මම ඒවාට තවම ආදරෙයි. මගේ ආදරේ හැමදාම තියේවි.
එකට මුළු ලෝකෙම කියන්නේ බොරු ආදරේ කියල. එත් මම මුළු ලෝකෙම නැති උනත් මගේ ආදරේ වෙනස් කරන්නේ නැහැ.
ඒක හැමදාම මගේ හිතේ තියේවි. කවදාහරි මම හොඳ මිනිහෙක් වෙයි බබා. මම එතකන් වේදනාවෙන් ඉන්නවා. මම දන්නවා ඔයත් වේදනාවෙන් ඉන්නේ කියල. සමහර වෙලාවට මගේ පපුවට දැනෙන ලොකු බර, වේදනා ගතිය ඔයාගේ දුක වෙන්න ඇති. අපේ හිත් තවමත් තැනින් තැන හරි වේලි ගියතැන්, එක්ව සිටින තැන් ඇති අපි දුර උනත්. මගේ හිතනම් ඔයාගේ හිත හැමවෙලාවෙම හොයනවා. ඒක විඳගන්න උත්සහ කරනවා. අපේ හිත් තවමත් වේලිලා ඇති. ඒවා සමහර වෙලාවට ඔයා ලෙහල දමාවි. මම ආත්මාර්ථකාමී වෙලා උනත් ඔයාට ආදරේ කලේ බබා. මම මගේ ජීවිතේම ආදරෙන් ඉන්නවා. ඊට පස්සෙත් එහෙමමයි. මම දන්නවා මට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. මම මෙච්චර නපුරු කෙනෙක්නම් ඇයි මම අමතක කරලා නොදා දුකෙන් ඉන්නේ. මටත් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන නේද බබා මම එච්චරම මෘගයෙක්නම්. මෘගයෙක් බව මම දන්නවා. එත් මට ඔයාව අමතක කරන්න බැහැ, කරන්න ඕනත් නැහැ, කරන්නෙත් නැහැ. මගේ හැගීම් හැමදාටම ඔයාට තියෙනවා. මම හැමදාම ඔයාගැන හිතනවා. අනේ මගේ වස්තුවේ පරිස්සම් වෙන්න. මගේ පොරොන්දු කඩන්න එපා. දුරකින් හිටියත් මේ ලෝකේ මට ඔයත් ඉන්න ඕන.මෘගයෙක් නිසා දුකින් ඉන්න එපා. මම කවදාහරි හොඳ කෙනෙක් වෙලා දුවල එන්නම්. අම්ම තාත්තව බලාගන්න. මම හැමදාම කොහේ හරි ඔයා වෙනුවෙන් ඉන්න්නවා. මම හැම තැනකම ඉන්නවා. ආයෙත් ලියන්නම්. දුක් වෙන්න්න එපා. මම කියන ඒවායේ දුක් වෙන්න දෙයක් හිතන්න එපා. තේරුම් ගන්න ඔයාගෙන් දුරස් වෙච්ච මගේ ජිවිතත් ලෙහෙසි එකක් නෙවේ මට කියල. කවදාහරි මගේ මේ ලියපුවා දැක්කොත් හිතන්න මමත් දුකින් හිටියේ කියල. හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment