Monday 11 June 2018

හැමවෙලාවෙම

බබා ඔයාව අද උදේ ඉඳලම මතක් උනා.
මතකද මම යන පාරේදී ඔයා උදේ 6.40 විතර කතා කරන්න පටන් ගන්න තැන?
ඔයා වගේම මමත් හිතේ අමාරුවෙන් ඉන්නේ බබා.
ඔයා තවම ඒ හැම වෙලාවකදීම මට මතක් වෙනවා. මතකද අපි ඇවිදපු හැටි.
මතකද විහිලු කරගත්ත හැටි. මතකද අපි හිනා උන හැටි?
හැමදේම කල් ගතවෙලා ගියත් තවම හිත ඔයාව වගේම අපේ ඒ ලස්සන කාලය හොයනවා, මතක් කරනවා.
මොන කලෙකදී උනත් මට අමතකවෙන්නේ නැහැ. මම ඔයාට ආදරේ කලේම නැද්ද බබා?
මගේ ආදරේ බොරුවම කියලද ඔයා කියන්නේ? මතකද මම සිකුරාදාට බස් එකේ ආපු දවස් වල දඹුල්ලේ ඉඳල-මම හිටගෙන එනගමන්-
ඔයාට කතා කරන්නේ. මහන්සියක් දැනෙන්නෙම නැහැ. මම ඔයාව හමු වෙන්න එන නිසා.
මතකද බස් එකේ එනකන් අපේ කතාවල්? ලස්සනම කාලේ මගේ.
හැමදේම හැමවෙලාවෙම හැමදාටම මට මතකයි. මට අමතක වෙන්නේ නැහැ. කරන්නෙත් නැහැ.
මම ඔයාට වේදනා දුන්න. එහෙම කරන්න හිතල නෙවේ. මමත් ඔයාට ආදරෙයි ඔයා මට ආදරෙයි වගේම හැමදාම.
තවම ඒක මට දැනෙනවා. මට කොච්චර රිද්දුවත් මම තරහක් හිතට ගන්නේ නැහැ. විඳ ගන්නම් හැමදේම.
මම කොහොමද ඔයාට තරහකින් ඉන්නේ. මම එහෙම කවදාවත් ඉඳල නැහැ. ඔයාට දුක හිතුන වෙලාවල මගේ පපුව පැලෙන්න අවා.
ඇස්වලට කඳුළු අවා අනන්තවත්. හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment