Sunday 10 June 2018

තවමත් එක හිතින්.

බබා මට ඔයාව ගොඩක් මතක් වෙනවා. මගේ වැරදි නිසා අපි ඈත් උනත් මගේ හිත විඳවනවා.
මට මතක් උනා ඔයයි මමයි විහාරමහාදේවි පාර්ක් එකේ ඇවිදපු හැටි.
ඔයා එනකන් මම විහාර මහාදේවී එකේ පුටුවක් ලගට වෙලා හිටපු හැටි.
සමහර දවස් වලට මහින්ද රාජපක්ෂ රඟහල ඉස්සරහ මී ගහකට මුවාවෙලා ඔයා එනකොට හැංගිලා හිටපු හැටි.
මටම පුදුමයි බබා. එත් මම ආදරේ දනනවා. මමත් ආදරේ කරන දැනෙන, දැනුන කෙනෙක්.
මට තවම හිතෙනවා දැනෙනවා ඔයාගේ ආදරේ.
කවදාහරි දවසක වෙලාවක මාව අමතක කලත් මම ඔයාව අමතක කරන්නේ නැහැ.
ඔයා මට දඩුවම් දෙන්න උත්සහ කරයි. එත් එක සාදාරනයි බබා. මට ඊටත් වඩා රිදෙන්න ඕන.
එත් මගේ හිතත් පැලිලා හරි වේදනා විදිවි. මගේ පපුවේ වේදනාවක් ඇවිත් ඔයා එකවරම වේදනාව දරාගෙන නිශ්ශබ්ද වුන හැටි මට මතකයි බබා. හැමදේම වෙනස් උනත්. මගේ හැගීම් ඔයා කෙරේ වෙනස් වෙන්නේ නැහැ. අමාරුවෙන්, මෘග විදියට උනත් මගේ හිතේ පතුලක හැමදේම දැනගෙන අඬ අඬ ඉන්න මගේ සැබෑම ආත්මයත් තියෙනවා. අද ඉරිදා ඔයා රෙදි හෝදලා රෙස්ට් කරන්න ඇති. මම සමහර වෙලාවට ඔයා එක්ක රණ්ඩු උනේ මගේම හිතේ කොනක තිබුන අසීමිත වේදනාවක් දරාගන්න බැරුව බබා. එත් ඒ හැමදේටම වඩා ආදරේ තිබුන. (තියේවි හැමදාටම.) ආදරේ වැඩි නිසාම තමා මගේ වේදනාව පිටවෙනවා වැඩි. මම වේදනාවෙන් කෑගැහුවේ. ඇඬුවේ. මම තවමත් ඔයාගේ ඒ මතක වල ජිවත් වෙනවා. සදහටම එහෙම තියේවි. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment