Saturday 9 June 2018

දෙනෙත් හෙලන කල

කොහොමද ඔයාට බබා? මම අද ඔයාලගේ පැත්තේ අව යාලුවෙක්ගෙ වැඩකට. මට ඔයාව ගොඩක් මතක් උනා..
හැමදාම ආදරෙන් ගිය පාරක්. මතකද?
හඩමිනුත් අපි එකේ ගිහින් ඇති බබා. මතකද?මටනම් හැමදේම මතකයි. හැඬුවත් හිනා උනත් අපේ ආදරණියම මතක ඒ පාරේ.
මතකද ඒ පැත්තේ පාර්ක් එකේ ඇවිදපු හැටි? මම තවම මතක් කරනවා බබා. පෙට් ෂොප්  එක මතකද සුරතල් සත්තු විකුණන ෂෙඩ් එක ළඟ?
හැමදාම ඔයාව එතනින් බස්සල ඔයාගේ මුණ ඉඹල ආව විදිය. බොරුවට නෙවේ බබා ඇත්තටම හැමදාම මම ආදරෙන් ඔයාගේ ඔලුව හෝ කම්මුල ඒ ඉම්බේ. නරක අදහසකින් නෙවේ කියන්නේ. මතකද මම ඔයාගේ නළල ඉඹිනවා බැහැල යන වෙලාවේදී? මම ආදරෙයි බබා හැමදාම.
අන්තිම දවසේ පවා අපි නළල ඉඹල ගියේ. මම තවම ඒ මෘදු මතක ඇතුලේ ජිවත් වෙනවා. තවමත් ඔයාගේ මතක වල සුවඳ විදිනවා.
මම තවම ඔයාගේ ආදරේ විඳිනවා, ආදරේ කරනවා. හැමදාටම එහෙම තමා. හැමදාම ඔයාගේ ආදරේ මට දැනෙනවා.
මට කවදාවත් මගේ රත්තරන් අමතක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ කරන්නත් බැහැ.
මම කවදාහරි කොහෙහරි අයේ ඔයාගේ තුරුලට දුවගෙන ඒවි. මම අවාසනාවන්ත විදියට මේ ජිවිතේ ආදරේ ලබන්න සුදුසු මිනිහෙක් වෙලා නැහැ.
එත් මම බබා ඔයා ගැන හැමදාම හිතින් හිතනවා. ඕනෑතරම් බනින්න. කමක් නැහැ. එත් මම ඔයාව හිතේ දරාගෙන ඉන්නවා හැමදාටම.
අපි සංසාරේ හමු උනේ නිකමට වෙන්න බැහැ. මම හැමදාම ඔයාගේ මතක හිතේ තියන් ජීවත්වෙනවා.මම ඒවටත් ඔයාටත් සංසාරේ හැමදාම ආදරෙන් ඉන්නම්.
හොඳින් ඉන්න රත්තරන්. මහ රෑත් වෙනසක් නැහැ හිත ඔයාව හොයන් මතක හැමතැනම හොයනවා. මම ඇස් වැහුවම ඔයාව පෙනෙනවා.

No comments:

Post a Comment