Wednesday 27 June 2018

පෝය දින

අද පෝය දවස නිසැකවම ඔයා අම්ම එක්ක පන්සල් යන්න ඇති.
මම අද වැඩ. මම බොළඳයි කියල හිතයි. අකරුනිකයි කියල හිතයි. පිස්සු විකාර කියල කියයි.
එත් අද කීප දෙනෙක්ට උදව් කරලා මම ඒ පින් ඔයාටයි අම්මටයි ලැබෙන්න කියල හිතුව. ඇතිතරම් බැන්නත්, දඩුවම් දුන්නත් වෛරයක් කලත් කමක් නැහැ.(මට හිතෙනවා ඔයාගේ හිතේ මම ගැන වෛරයක් නැහැ කියල. තරහක් නම් ඇති) එත් මට දැනුන ගොඩක් බබා ඔයාට මව අමතක වෙලා යනවා වගේ.
එක මොකද දන්නේ නැහැ මට මගේ ඉතට තේරුණා. මතකද අපි පන්සල් යන්න ප්ලැන් කරන් උන්න. එත් යන්න බැරි උනා, එත් අපි නිකන් ඇත අල්ලාගෙන ඇවිද්දම විතරක් නෙවේ. ඔයයි මමයි පිනුත් කලා. මතකද පාරේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපේ අතේ තිබුන කීය කීය හරි දුන්න. කේ එෆ් සි එකෙන් එලියට එනගමන් අපේ කෑම වැඩකරන මිනිස්සුන්ට දුන්න? ගංවතුර අදර එකතු කරන තැනකට වතුර බෝතල් අරන් දුන්න. හැමදේකින්ම පිහිටක් අපිට තියෙයිනම් ඒවායින් ඔයවයි අම්මවයි නිදුක් නිරෝගී වෙන්න ඕන. තාත්තත් එහෙමයි. එත් තාත්ත හුගක් නිරෝගියි. මම දන්නවා.
මම ඔයා ගැන ගොඩක් කල්පනා කරනවා බබා. කවදාහරි සම්පුර්ණයෙන්ම මාව අමතක වෙලා පුවෘතයක් වගේ වෙයි. එත් මම ඒ ඉතිහාස කතාවේ තනිවෙලා ජිවත් වෙනවා. මටම එක දඩුවමක්. හැබැයි මම හිතනවා හැමදාම ඔයාටයි මටයි වෙන් වීමම උරුම වෙන එකක් නැහැ. මම තමයි වැරදි කලේ. එත් වෙන් වීම ලේසියෙන් උන දෙයක් නෙවේ. මම ගොඩක් දුක් විඳිනවා තවමත් වේදනාවෙන්. කවදාහරි බබා මේක දැක්කොත් දැනගන්න ඕන මම සතුටින් උද පැන පැන හිටිය ජිවිතේක හිටියේ නැහැ කියල. මම ගොඩක් ඔයාව මගේ ඔලුව ඇතුලේ තියාගෙන ඉන්නේ. කමක් නැහැ. අද පොසොන්. මට හිතෙනවා අද ඔයාල පව්ලේ කට්ටියම පන්සල් යන්න ඇති කියල. හොඳින් ඉන්න බබා. දුක් ගන්න එපා.

No comments:

Post a Comment