Tuesday 26 June 2018

පොසොන්

අද ඔයා පන්සල් යනවද අම්ම එක්ක?
මට තවම මතකයි. ඔයාල පන්සල් ගිය පහුගිය පොසොන් එකට වෙන්න ඕන. මට මතකයි ෆොටෝ දැම්ම ඔයා.
මතකද මේ පැත්තේ සල්පිලක් තිබුන? මතකද මම එකට ගියා? කාලය පහුවෙලා ගියත් මට තවම මගේ වටිනාම මතකය ඔයා.
ඔයා මතකද කිව්වා මම මෙහාට ඇවිත් තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න කියල? පෝය දවස අද මම අද වැඩ.
මතක ඉක්මනට විභාගේ පාස් වෙන්න කිව්වා? මම මගේ මතක වල ජිවත් වෙනවා. මොකද ඒවා ඇතුලේ හැමතැනම මට ඔයාව හම්බවෙන හින්ද.
ඒ හැමතැනකම ඔයා වගේම අපේ මතක ලස්සනයි, මම ඒවායේ ජිවත් වෙන්නම්. මට පහුගිය දවස් වල හිතට ලොකු වෙනසක් දැනුන. මම හිතන්නේ මගේ අන්තිමට තියෙන්න ඕන මතක සීමාවෙනුත් ඔයා ඇතට යන්න ඇති. මට දැනුන බබා මම තව දුරටත් ඔයාට දුවිල්ලක් තරන්වත් වැදගත් නැහැ වගේ හැගීමක්. එක ඔයාගේ හිතටත් එන්න ඇති ඔයා ගැනම මම ඔයාගෙන් ඈත් වෙච්ච දවසේ ඉඳල. මම දැන් එම වේදනාවෙන් ඉන්නවා. පුදුමයි ජිවත් වෙනවා. අපි මාරුවෙන් මාරුවට මේ දුක විඳිනවා. මම දැන් ඒ දුකෙනුත් ඉන්නවා. එත් මම දන්නවා මගේ හිතෙන කවදාවත් ඔයාව අයින් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ නරක අදහසකින් නෙවේ බබා. මම මොන කලෙක හරි මොන ලෝකෙකහරි ඔයාව හොයාගෙන එනවා මිට වඩා හොඳ කෙනෙක් වෙලා.
මම ඉතින් එතකන් ඔයා ගැවසුණු, ඔයා ඇවිදපු, ඔයා එක්ක මම ගියපු මතක මාවත් උද්‍යානවල ඇවිදිමින් ඉන්නවා ඔයා  ගැන මතකය අලුත් කර කර.
තෙරුවන් සරණයි මගේ රත්තරන්ට.

No comments:

Post a Comment