Saturday 23 June 2018

ආදරෙන්

අදත් රෑට නින්ද අඩුයි. එත් කමක් නැහැ නින්ද නැතත් ඔයා මහේ හිත ඇතුලේ.
අද ගොඩක් මහන්සියි. එත් සිතට ඔයාවම එනවා. මතක් වෙනවා. අපි අත් අල්ලාගෙන ඇවිදිනවා.
මම කෙතරම් නපුරු උනත් ඔයාට ආදරේ කලා හැමදාම. හැමදාම එහෙමයි.
අදටත් සදාකලයටමත්. අදත් ඇස් පියවුන වෙලාවේ ඔයා එන්න මගේ හිතට.
ඔය තවමත් මගේ මතක ලෝකේ. අපි මොන ලෝකේ හිටියත්.
අපි මොන ලෝකේ හිටියත් තවමත් මගේ හිතේ, ඔලුවේ ඔයාගෙන් මතක පිරිලා.
ඔය හොඳින් කියල හිතනවා බබා. මට හිතෙනවා දැන් ඔයාගේ හිතේ මගේ ගැන මතක ඔක්කොම නැතිවෙලද කියලත්.
මට එහෙමත් දැනෙනවා. මම ඔයාගේ අමතක වෙච්ච, අමතක කරපු අතීතෙට වෙලා ඉන්නවා. හැමදාම.
අයෙත් කාලෙක අපි හමුවේවි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් ලෝකේ අපි අනන්ත වාර ගණනක් හමු වෙලා ඇති කියල.
මම ආයෙත් කලෙක ඔයාගේ තුරුලට දුවගෙන එනවා ආදරෙන්. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment